ෆියුචර් ඔටෝ මොබයිල්ස් Ford Quick-Lane Service හඳුන්වා දෙයි | දිනමිණ

ෆියුචර් ඔටෝ මොබයිල්ස් Ford Quick-Lane Service හඳුන්වා දෙයි

ෆෝර්ඩ් හි ශ්‍රී ලංකා නියෝජිතත්වය දරන සොෆ්ට්ලොජික් ව්‍යාපාර සමූහයේ සාමාජිකයෙකු වන ෆියුචර් ඔටෝ මොබයිල්ස් පුද්ගලික සමාගම වාහන සේවා පහසුකම් කඩිනම් කරමින් Ford Quick-Lane Service නමින් නව සේවාවක් හඳුන්වා දෙයි. බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ෆෝර්ඩ් මධ්‍යස්ථානයේදී මෙම නව සේවාව ආරම්භ කෙරිණ.

මෙම නව සේවාව යටතේ ෆෝර්ඩ් පාරිභෝගිකයින්ට පෙර වෙන් කරගත් වේලාවක් අනුව සිය රථය සඳහා කඩිනම් සේවා පහසුකම් ලබාගැනීමට අවස්ථාව සැලසෙයි. මේ අනුව විනාඩි 45කට වඩා අඩු කාලයකින් සිය වාහනය සඳහා සේවා පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබෙයි. වාහන සේවා පහසුකම් ලබාගැනීම සඳහා අධික වේලාවක් වැය කිරීමට සිදුවීම බොහෝ වාහන හිමියන්ට බලපාන පොදු ගැටලුවක් බැවින් , කාර්ය බහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට එලෙස කාලය වැය කළ නොහැකි වීම යන කරුණු පදනම් කරගනිමින් මෙම නව කඩිනම් සේවා පහසුකම් ක්‍රියාත්මක කර තිබේ. මෙම නව සේවාව සඳහා කඩිනමින් සැපයීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් බත්තරමුල්ල පිහිටි ෆෝර්ඩ් මධ්‍යස්ථානයේ ස්ථාපිත කර තිබේ. 

නව අදහස දක්වන්න