ගොඩනැඟිල්ල හදන්නෙ නැතිව වළවල් වහලා | දිනමිණ

ගොඩනැඟිල්ල හදන්නෙ නැතිව වළවල් වහලා

නුවරඑළිය යහපත් එඬේරාගේ බාලිකා මහ විදුහල් බිමේ පාසල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා වළවල් 32ක් කපා වසරක් ගතවනතුරුත් එහි ඉදිකිරීම් නොකිරීම නිසා වතුර පිරි වළවල් දරුවන්ට අනතුරුදායක බව මාධ්‍ය මඟින් පසුගියදා හෙළි කිරීමත් සමඟ කොන්ත්‍රාත්කරුවන් පැමිණ ගොඩනැඟිල්ල ඉදිකරනවා වෙනුවට වළවල් වසා දමා ඇතැයි දරුවන්ගේ මව්පියෝ පවසති.

මේ විද්‍යාලයට අත්‍යාවශ්‍ය දෙයක් වන අංගසම්පූර්ණ විද්‍යාගාරයක්ද මේ ගොඩනැඟිල්ලේ ඉදිකිරීමට නියමිතව තිබී ඇති අතර එවන් දෙයක් තිබියදීත් වසරක් ප්‍රමාද කිරීම පමණක් නොව වළවල් වසා දැමීමෙන් පෙනී යන්නේ ගොඩනැඟිල්ල අහිමිවීමක් දැයි ඔවුහු සැක පළ කරති.

ලක්ෂ ගණනක අත්තිකාරම් මුදල් ලබාගෙන තිබෙන කොන්ත්‍රාත්කරු මෙසේ හිතුවක්කාර ලෙසින් ඉදිකිරීම නතර කිරීම ගැන සොයා බැලීමට කිසිදු බලධාරියෙකු මෙතෙක් පියවර නොගැනීම ගැනද ඔවුහු විමසිතය පළ කරති. 

නුවරඑළිය සමූහ සී. මහගම

නව අදහස දක්වන්න