නිරීක්ෂණ සංවිධාන සහ මහින්ද දේශප්‍රිය අතර සාකච්ඡාවක් | දිනමිණ

නිරීක්ෂණ සංවිධාන සහ මහින්ද දේශප්‍රිය අතර සාකච්ඡාවක්

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ඒ ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන්.

මේ අතර මැතිවරණ නිරීක්ෂණයේ නිරත  පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ නාම යෝජනා බාර දීම ආරම්භ වීමත් සමඟ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මේ වන විටත් ලැබී ඇති බවයි.

නව අදහස දක්වන්න