ලිත් නඩුවේ අතුරු තහනම දීර්ඝ කරයි | දිනමිණ

ලිත් නඩුවේ අතුරු තහනම දීර්ඝ කරයි

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති 'ලිත්' නඩුව කොළඹ මහාධිකරණයේ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ විභාගයට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය පෙබරවාරි මස 02 දා තෙක් දීර්ඝ කළේය.

ඒ අභියාචනාධිකරණයේ නියෝගයකට අනුවයි.

මෙම නියෝගය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය විසිනුයි නිකුත් කල අතර එහිදී නීතිපතිවරයා විසින් මෙම අතුරු තහනම් නියෝගයට එරෙහිව විරෝධතා ගොනු කරන බව අධිකරණයට දන්වා සිටියේය.

දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 29ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුවක් කොළඹ මහාධිකරණයේ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ විභාගයට නොගෙන කොළඹ මහාධිකරණයේ වෙනත් උසාවියකට මාරු කරන ලෙසට ඉල්ලා බැසිල් රාජපක්ෂ අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබුණි.

 

නව අදහස දක්වන්න