ඩුබායි සිට ගෙනා ටොෆී පෙට්ටියේ කෝටි 3ක රන් දම්වැල් | දිනමිණ

ඩුබායි සිට ගෙනා ටොෆී පෙට්ටියේ කෝටි 3ක රන් දම්වැල්

ගුවන් තොටුපොළ සමුහ කුමාරසිරි ප්‍රසාද්

රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා රන් අාභරණ රැගෙන ආ ලාංකික ගුවන් මගියෙකු ඊයේ ගුවන් තොටුපොළ රේගුව අත් අඩන්ගුවට ගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක උපුල් දර්ශණ සිල්වා මහතා පැවසීය.

ඩුබායි සිට යූ එල් 226 දරණ ගුවන් යානයෙන් අළුයම 5ට මෙරටට පැමිණ ඇති සැකකරු කිලෝ 5ක් හා ග්‍රෑම් 700ක් බර රන් අභරණ ගමන් මල්ලේ චොකලට් හා ටොෆී වර්ග අතර සඟවා ගෙන පැමිණි බව රේගුව කියයි. ඩුබයි ගුවන් තොටුපොළේදී වෙනත් අයෙකු මෙම ගමන් මල්ල සැකකරුට ලබාදී ඇති අතර ඔහු පිළිඹඳව විමර්ශණය කර නීතීය ක්‍රියාත්ම්ක කරන බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක උපුල් දර්ශණ සිල්වා මහතා පවසයි.

සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබෙනායක රසික සමන්ජිත් ශ්‍රී ලාල් විජේවර්ධන එච්.ගුරුගේ යන නිළධරීහු මෙම වැටලීම කළහ.රේගු අධ්‍යක්ෂක රුවන් සත් කුමාර මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක උපුල් දර්ශණ සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක වරුන් වන ජගත් අබේසේකර හා තාරක දේවප්‍රිය මහත්වරු වැඩිදුර විමර්ෂණ සිදු කළහ.


නව අදහස දක්වන්න

Or log in with...