MAS හෝල්ඩ්ඩිංග්ස් පරිසර තිරසාරත්වයට ජනාධිපති සම්මාන ලබයි | දිනමිණ

MAS හෝල්ඩ්ඩිංග්ස් පරිසර තිරසාරත්වයට ජනාධිපති සම්මාන ලබයි

බොහෝ විට දැවැන්ත ව්‍යාපාර ඇතුළත පාරිසරික තිරසාරත්වය ක්‍රියාත්මක කිරීම දුෂ්කර කටයුත්තක් නමුත් ඊට පසුබටනොවී පරිසරය වෙනුවෙන් වෙනසක් කිරීමට MAS හෝල්ඩිංග්ස් ආයතනය විශාල උත්සහයක යෙදී ඇත.

තම ව්‍යාපාර හරය තුළ තිරසාරත්වය පවත්වා ගනිමින්, MAS හෝල්ඩිංග්ස් විසින් ක්‍රියාත්මක කරන ”ඇතුළතින් වෙනසක්” නම් ක්‍රියාමාර්ගය තිරසාරත්ව ගැටලු සඳහා වන හොඳම ක්‍රමවේදය බව පෙන්නුම් කරයි. මේ

මුලපිරීම, මෙම සතියේ පැවති ජනාධිපති පරිසර සම්මාන උළෙලේ දී, පිළිගැනීමට ලක් වූ අතර, ඇඟලුම් හා රෙදිපිළි යන දෙඅංශයෙන්ම ප්‍රමුඛ පෙළේ සම්මාන 07ක් මාස් හෝල්ඩිංස් විසින් දිනා ගන්නා ලදි.

සමාජය හා ප්‍රජාව දැනුවත් කරමින් ඔවුන්ට ආදර්ශයක් වෙමින් MAS හෝල්ඩිංග්ස් විසින් ක්‍රියාත්මක කරමින් සිටින, ස්ථාවර හා තිරසාරත්ව සංස්කෘතික ගොඩනැංවීම්, විගණනකාධිපතිවරුන්ගේ ද පැසසුමට ලක් විය.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය සහ විගණනය කරන ලද ජනාධිපති පරිසර සම්මාන උළෙලේ අරමුණ වන්නේ, පරිසර සංරක්ෂණ සහ ආරක්ෂණ ක්ෂේත්‍රයට අද්විතීය දායකත්වයක් ලබා දී ඇති, පුද්ගලයන්, ආයතන, සංවිධාන සහ ක්‍රියාකාරකම් ඇගයීමට ලක් කීරීමයි.

අපද්‍රව්‍ය, බලශක්ති සහ ජල සුරැකුම් ව්‍යාපෘති සකස් කිරීම සහ ප්‍රතිපත්ති ඇති කිරීමෙන් තිරසාරත්වය සඳහා ආයෝජන සිදුකරන අතර MAS හෝල්ඩිංස් විසින් අයදුම්කළ කර්මාන්ත ආයතන හතම සම්මාන දිනාගැනීම

මෙහිදී සුවිශේෂී විය.

මෙහිදී ISO 14064 ප්‍රමිතීයටත් සූර්යබල ව්‍යාපෘති, ජීවවායු භාවිතයන්, ජල හා බලශක්ති මිනුම් දඬු, තිරසාරී නිෂ්පාදන හා ජෛව විවිධත්ව ව්‍යාපෘති වැනි තිරසාරී විසඳුම් සහ ප්‍රමිතීන් ආශ්‍රිත සෑම ක්‍රියාමාර්ගයක් සඳහාම අමතර ඇගයීමක්ද හිමිවිය.

”ඇතුලතින් වෙනසක්” නම් පැහැදිලි තිරසාරී දැක්මක් MAS හෝල්ඩිංස් සතු වන අතර 2025 වන විට තමන් භාවිත කරන ප්‍රමාණයට වඩා පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කිරීමට හා සිය මෙහෙයුම් බිම් ප්‍රමාණය මෙන් 100 ගුණයක් වන, එනම් අක්කර 25000ක පමණ භූමි ප්‍රමාණයක් තුළ නැවත වනාන්තර වගා කිරීමට බලාපොරොත්තුවේ.

සම්මාන ලබාගත් MAS හෝල්ඩිංස් ආයතන වන්නේ ‐ ලීනියා ඇක්වා - රන් - ඇඟළුම්, MASක්‍රීඩා ඉන්ටිමෝ රන් - රෙදිපිළි හා රෙදිපිළි සැකසුම්, MAS ක්‍රීඩා නිර්මාණ - රිදී ඇඟලුම්, MAS ෆැබ්රික් මැට්රික්ස් - රිදී රෙදිපිළි හා රෙදිපිළි සැකසුම්, MAS ඇක්ටිව් ඒෂියාලයින් - ලෝකඩ ඇඟලුම්, නොයෝන් ලංකා - ලෝකඩ රෙදිපිළි හා රෙදිපිළි සැකසුම්, MAS ක්‍රීඩා ලෙෂර්ලයින්

නව අදහස දක්වන්න