ආග­න්තු­ක­යන්ගේ සිහින පරා­දී­සය ජෙට්වින්ග් සර්ෆ් හෝට­ලය විවෘත කෙරේ | දිනමිණ

ආග­න්තු­ක­යන්ගේ සිහින පරා­දී­සය ජෙට්වින්ග් සර්ෆ් හෝට­ලය විවෘත කෙරේ

පරිසර හිතකාමීත්වයට සහ ආගන්තුක සත්කාරයට ප්‍රමුඛත්වය ලබාදෙන ජෙට්වින්ග් හෝටල් සමූහය විසින් පරිසර හිතකාමී සුඛෝපභෝගී සර්ෆ් රිසෝට් ලෙස සම්මාන ලැබූ පොතුවිල් ජෙට්වින්ග් සර්ෆ් හෝටලය පසුගිය දා හඳුන්වා දෙනු ලැබීය. පරිසර දූෂණය අවම කරමින් ඉදි කරනු ලැබූ මේ ජෙට්වින්ග් හෝටලය මෑතකදී පැවැති ‘ඒසියා ප්‍රොපර්ටි‘ සම්මාන උළෙලේ දී හොඳම හෝටල් වාස්තු විද්‍යාත්මක නිර්මාණය සඳහා වන සම්මානය දිනාගත්තේය.

දිය මත ලිස්සායාමට (Surf) කැමැති සංචාරකයන් වෙනුවෙන්ම ඉදිකළ මේ සුඛෝපභෝගී රිසෝට් හෝටලය පොතුවිල් හී එතරම් ගැඹුරක් නොමැති මුහුදු තීරයක් සහිත වෙරළක පිහිටා තිබේ. දිය මත ලිස්සා යාමේ පාරාදීසය ලෙස සැලකෙන ආරුගම්බේ සිට මිනිත්තු කිහිපයකින් ළඟා විය හැකි ජෙට්වින්ග් රිසෝට් කබානා කුටි 20කින් සමන්විතය.

ගෘහ නිර්මාණ ශිල්පයේ විස්මිතභාවය විදහා දක්වමින් නිර්මාණය වූ මේ කබානා කුටි ඉදි කර ඇත්තේ ලෑලි, වියන ලද පොල් අතු සහ බටවලිනි. සෑම කබානා කුටියක්ම ඉන්දියන් සාගරයට මුහුණලා පිහිටා ඇති අතර මුහුදු සුළං පිවිසෙන ආකාරයට ඉදි කර තිබේ. සිසිල් හා උණුසුම් දිය සහිත නාන කාමරයක්, සුවපහසු දැවැන්ත නිදියහනක්, වයි ෆයි අන්තර්ජාල පහසුකම්, විදුලිය, තේ, කෝපි සාදා ගැනීමේ පහසුකම් සහිත මේ කබනා කුටි කදිම විවේකයක් සංචාරකයන්ට ලබා දෙනු ඇත. 

නව අදහස දක්වන්න