ලුණම රණවිරුගම නාය ගිහින් ආබාධිත රණවිරුවන්ගේ නිවාස විනාශයි | දිනමිණ

ලුණම රණවිරුගම නාය ගිහින් ආබාධිත රණවිරුවන්ගේ නිවාස විනාශයි

අම්බලන්තොට ලුණම රණවිරු ගම්මානය තුළ ප්‍රධාන මාර්ගය නාය යෑමේ අවදානමකට ගොදුරුවී ඇත. මාර්ගයේ ගමන් කරන පිරිස මෙන්ම ආසන්නයේ ඇති නිවාසවලට ද මෙය තර්ජනයක් වී තිබේ.

2002 වසරේදී ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මේ රණවිරු ගම්මානය නිර්මාණය කොට එහි රණවිරුවන් පදිංචි කිරීමෙන් පසු 2003 වසරේදී මේ ඇළ මාර්ගය සකස් කර තිබේ. අඩි 45ක පමණ ගැඹුරකින් යුතු ඇළ මාර්ගය ඉදිකර ඇත්තේ ගමට පිවිසුම් මාර්ගය ආසන්නයේය. පැති බැමි සකස් නොකිරීම, මාර්ගය දෙපස නිසි කානු පද්දතියක් නොමැතිවීම නිසා පසුගිය වර්ෂා සමයේ පාර හරහා ජල පහරවල් පාර සිදුරු කරමින් ගලා බැසීම නිසා මාර්ගයේ ස්ථාන රැසක් විශාල නාය යෑමකට ලක් වී තිබේ.

මේ රණවිරු ගමේ නිවාස 38ක ජීවත්වන රණවිරු පවුල් 38ට මෙන්ම ඊට යාබද තිබෙන සුනාමි ගම්මානයට ද පාර මේ පිවිසුම් මඟයි.

පාර ගිලා බැසීමත් සමඟ අසල නිවාස ද පුපුරා ගොස් තිබේ.

රණවිරු එම්. ඒ. ඩී. ජිනදාස මහතා - අපේ ගමට ප්‍රධාන පාරේ සිට එන පාර අයිනේ 2003 වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විශාල ඇළක් කැපුවා. පැති බැමි කානු හැදුවේ නෑ. පාර ඇළට නාය ගියා. ගෙවලුත් ගිලා බහිනවා. යුද්දෙන් අතපය අහිමි හමුදා සෙබළු මෙහේ ඉන්නේ. කවුරුවත් හොයන්නේ බලන්නේ නෑ. වාරිමාර්ගයයි ප්‍රාදේශීය සභාවයි දෙකම කියනවා අපිට අයිති නෑ කියලා. මේක තනිවුණු රණවිරු ගමක්.

අජිත් රෝහණ කුලතුංග මහතා - ගමට එන ප්‍රධාන පාරේ අඩි 42ක ගැඹුරු වළක් තියනවා. ඇළේ වතුර දෙන්නේ සතියට දෙවතාවක් විතරයි. මාස් කාලයේදී රණවිරු ගම්මානය හරහා ගලා බහින වතුර පාරවල් කානු නැති නිසා පාර පුරාම.

ලුණම රණවිරු ගම්මානයේ සුබසාධක සමිතියේ සභාපති - මේ ගම හදලා කලක් ගිය පසුයි ඇළ හැදුවේ. ඇළ නිසා අනතුරු රාශියක් සිදු වුණා. කොන්ක්‍රීට් කානු පද්ධතියක් හදලා මේ ගිලා බැහැපු පාර සකස් කර දෙන ලෙස ඉල්ලා සිටිනවා.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
අම්බලන්තොට

නව අදහස දක්වන්න