‘ඔබ්සර්වර්-මොබිටෙල්’ සම්මාන රාත්‍රිය මෙවර මහ ඉහළින් | දිනමිණ

‘ඔබ්සර්වර්-මොබිටෙල්’ සම්මාන රාත්‍රිය මෙවර මහ ඉහළින්

ලබන වසරේ පැවැත්වෙන ‘සන්ඩේ ඔබ්සර්වර්-මොබිටෙල්’ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ සම්මාන උළෙලට මොබිටෙල් අනුග්‍රාහකත්වය මෙවරත් පිරිනමයි.

මෙවර සන්ඩේ ඔබ්ර්සවර් මොබිටෙල් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ සම්මාන රාත්‍රිය රාජ්‍ය මට්ටමේ අතිඋත්කර්ෂවත් උළෙලක් ලෙස සංවිධාන කිරීමට සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හා මොබිටෙල් ආයතනය එක්ව කටයුතු කරයි.

මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නලීන් පෙරේරා මහතා හා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ඉහළ පෙලේ නිලධාරීන් සමග පෙරේදා දිනයේ සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉදිරි සෑම වර්ෂවලදීම මේ සඳහා මොබිටෙල් අනුග්‍රාහකත්වය ලබාදෙන බව තහවුරු කළේය.

මොබිටෙල් ආයනතයේ ප්‍රධාන විධායක නිලධාරි නලින් පෙරේරා මහතා පැවැසුවේ වසර 40ක් මේ සම්මාන උළෙල සාර්ථකව පැවැත්වීමට හැකිවීම ගැන ලේක්හවුස් ආයතනයට ස්තූතිවන්ත වන බවය.

‘මේ සම්මාන උළෙල පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඉහළින්ම පවතිනවා. මොබිටෙල් ආයතනය හැටියට මේ සංකල්පයට දායකවීම පිළිබඳව ගෞරවයක් පවතිනවා. මේ සංකල්පය වසර 1978/79 කාලයේ සිට ශ්‍රී ලංකාවේ විශිෂ්ට ක්‍රීඩකයන් බිහි වීමට දායකත්වය සපයා තිබෙනවා. මේ සම්මානය සුරතට ගැනීම සෑම පාසල් ක්‍රීඩකයකුගේම සිහිනයක්. මොබිටෙල් ආයතනය මේ අනුග්‍රහය දක්වන්නේ 11 වැනි වසරටයි. මෙය පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ධෛර්යමත් කිරීමේ වැඩපිළිවෙළක්. අනාගතයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන සියලුම ක්‍රිකට් ක්‍රීඩකයන්ට අපි සුබාසිංසන පිරිනමනවා’ පෙරේරා මහතා පැවැසීය.

නව අදහස දක්වන්න