ICTA සහ පොලිසිය අවබෝධතා ගිවිසුමක | දිනමිණ

ICTA සහ පොලිසිය අවබෝධතා ගිවිසුමක

පොලිස් රෝහලේ සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලංකා පොලිසිය අතර පසුගියදා පොලිස් මූලස්ථානයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි. ICTAආයතනයේ සභාපතිනී චිත්‍රාංගනී මුබාරක් මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සහායක සේවා) අයි.ආර්.ඩබ්. විජේගුණවර්ධන මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

ICTA ආයතනය සහ සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව දියත් කරන ඩිජිටල් සෞඛ්‍ය වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි. 2017 වසරේ දෙසැම්බර් මාසය වන විට දිවයින පුරා පිහිටි රෝහල් 15ක් තුළ මෙම ඩිජිටල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය ස්ථාපනය කර ඇති අතර 2018 වසරේදී තවත් රෝහල් 35ක එය ස්ථාපනය කිරීමට නියමිතය. 

නව අදහස දක්වන්න