පළාත් පාලන ඡන්දයේදී කුරුණෑගල එජාප ජය නියතයි | දිනමිණ

පළාත් පාලන ඡන්දයේදී කුරුණෑගල එජාප ජය නියතයි

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමට පැමිණි අවස්ථාව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉඳුනිල්, ජේ.සී.අලවතුවල මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය, නියත වශයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන බව එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව පැවැසුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාවට පසුගියදා සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයක් ලැබූ බවත්, එබැවින් මෙවර ජයග්‍රහණය ද නියත බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ ය. වත්මන් රජය ජනතාව උදෙසා වන සිය වගකීම් නිවැරදිව ඉටුකර ඇති බවත්, රටේ සංවර්ධන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට රජය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

නව අදහස දක්වන්න