වෘත්තීය සමිති අයිතීන් රැකදීම පාලකයන්ගේ වගකීමක් | දිනමිණ

වෘත්තීය සමිති අයිතීන් රැකදීම පාලකයන්ගේ වගකීමක්

අනුර ප්‍රේමලාල්

වෘත්තීය සමිති කටයුතු කිරීමට තිබෙන අයිතිය පාලකයන් ලබා දිය යුතු බව ලංකා බැංකු සේවක සංගමයේ ක්‍රියාකාරින් හත් දෙනකුගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වු කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති ඩබ්ලිව්.ඩි.ජේ.සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් ‘දිනමිණ‘ සිදුකළ විමසුමකදී වැඩිදුරටත් අදහස් දැක්වු සෙනෙවිරත්න මහතා මේ පිළිබඳ පැමිණිල්ලක් තවමත් ලැබී නැති නමුත් මීට පෙර මෙම සංගමයේ වෘත්තීය අයිතීන් කප්පාදු කිරීම පිළිබඳ පැමිණිලි ලැබි ඇතැයි පැවැසීය.

ලංකා බැංකු සේවක සංගමයට අයත් මහජන බැංකු ශාඛාවේ සභාපති ශාන්ත ගඟබොඩගේ ඇතුළු නිලධාරියකු ටහා තවත් සාමාජිකයින් පස් දෙනකු අම්පාර මහජන බැංකුවේ ශාඛා රැස්වීමක් පැවැත්වීම කරන කොට මේ වැඩ තහනම සිදු කර ඇතිබව ලංකා බැංකු සේවක සංගමයේ උපලේකම් කේසර කෝට්ටේගොඩ මහතා මාධ්‍ය වෙත පැවැසීය.

මේ සම්බන්ධයෙන් ඉතා කඩිනමින් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම හා අවශ්‍ය නීතිමය කටයුතු කරන අතර මෙයට හා වෘත්තීය සමිති මර්දනයට එරෙහිව ඊයේ මහජන බැංකුවේ ලංකා බැංකු සේවක සංගමයේ සාමාජික සාමාජිකාවන් කළු පටි පැළඳ විරෝධය පෑ බව ඒ මහතා කීය. 

නව අදහස දක්වන්න