ලංවිම සියලු‍ සේවකයන් සතුටුවන අයුරින් ප්‍රසාද දීමනා ලබ‍ා දෙනවා | දිනමිණ

ලංවිම සියලු‍ සේවකයන් සතුටුවන අයුරින් ප්‍රසාද දීමනා ලබ‍ා දෙනවා

චමීර ඇල්ලදෙණිය

සේවකයන් තෘප්තිමත්වන ආකාරයේ ප්‍රසාද දීමනා ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර් ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

රටට විදුලිය අඛණ්ඩව සපයනවා වගේම සාමාන්‍යාධිකාරවරයාගේ මුහුණේ දකින සිනහව, රෑ දවල් නොබලා විදුලි කණු නගින සේවකයාගේ මුහුනේත් දැකීම තම අරමුණ බවද ඇමැතිවරයා කීය.

සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ පෙරේදා (14) පැවති, වසර 30 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කළ ලංවිම සේවක සේවිකාවන් ඇගයීම උදෙසා රන් තිළිණ ප‍්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා එසේ කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා ...,

ආයතනයක වැදගත්ම සම්පත තමයි එම ආයතනයේ මානව සම්පත. ඒ මානව සම්පත තෘප්තිමත් භාවයෙන් වගේම ධෛර්යයෙන් සිටීම තමයි එම ආයතනයට වඩාත් වැදගත් වන්නේ. ඉහළ කලමණාකාරීත්වයේ සිට අප සැම දෙනාටම ලොකු වගකීමක් තිබෙනවා මේ ආකාරයට ආයතනයක් තුළ තෘප්තිමත් මානව සම්පතක් ඇතිකරගැනීම සම්බන්ධව. සේවක පිරිස් ධෛර්මත් කිරීමේ මෙන්ම තෘප්තිමත් කිරීමේ දීමනාවක්, වරප‍්‍රසාදයක් තමයි ප‍්‍රසාද දීමනාවක් කියන්නේ. මගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම්තුමා ලංවිම පාලනාධිකාරියට උපදෙස් මාලාවක් යොමුකළා ලංවිම සේවක ප‍්‍රසාද දීමනා සම්බන්ධයෙන්. ඒ අනුව මම බලාපොරොත්තු වෙනවා ඊළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී සේවක පිරිස් තෘප්තිමත් වන ආකාරයෙන් මෙම ප‍්‍රසාද දීමනා ලබාදෙන්න හැකිවේවි කියලා. රටට විදුලිය අඛණ්ඩව සපයනවා වගේම සාමාන්‍යාධිකාරවරයාගේ මුහුණේ දකින සිනහව, රෑ දවල් නොබලා විදුලි කණු නගින සේවකයාගේ මුහුනේත් දකින්නයි මට අවශ්‍ය වෙලා තිබෙන්නේ

රටට ඉතාමත් වැදගත් ආයතනයකට වසර 30 කට අධික කාලයක් සිය කාලය, ශ‍්‍රමය කැප කරලා, ශ‍්‍රී ලංකාව ආලෝකවත් කළා, ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරි මහත්ම මහත්මීන් ඒ සඳහා රනින් පිදුම් ලබන දිනයයි. එවන් විශිෂ්ට සේවයක් කරපු පිරිසක් ඇගයීමට ලක්කරන අවස්ථාව මට ඉතාම වැදගත්. මම මේ අමාත්‍යාංශය බාර අරන් වසර 2 කට අධික කාලයක් ගතවුණා. මේ කාලසීමාව තුළ මම ඔබ සමග එකතු වෙලා බොහෝ ජයග‍්‍රහණ ලබා ගත්තා. බොහෝ අභියෝග වලට මුහුණ දුන්නා. ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් බොහෝ දේ අපට තිබෙනවා. වර්ථමානයේ කතා නොකලත්, අනාතගයේදී ඒවා කතා කරයි. අද අපේ ආයතනයේ අනියම් සේවකයෝ නැහැ. කොන්ත‍්‍රාත් සේවකයෝ නැහැ. අපි ඉතාමත් විනිවිද බාවයෙන් යුක්තව අපේ ආයතනයේ කටයතු ඉදිරියට ගෙනයනවා. සමහර අවස්ථා වලදීමේ රටේ ජනතාවට නොදන්වාම අපි බොහෝ ගැටළු විසඳාගත්තා. පසුගිය සමයේ ඇතිවූ නියගය එවැනි එක් ගැටළුවක්. නමුත් ලක්ෂ 60ක් වූ පාරිභෝගිකයන්ට නොදැනන පරිදි අපි ඒ ගැටලු විසඳාගත්තා. විසිපන්දහසක් සේවය කරන, වෘත්තීය සමිති 60 ක් පවතින ආයතනයක විවිධාකාර මතිමතාන්තර ඇතිවිය යුතුමයි. නමුත් අපි සියලුම ප‍්‍රශ්න විසදාගත යුත්තේ වැඩි දෙනෙකුට ජයග‍්‍රහණය කිරීමේ ආකාරයටයි. සෑම ප‍්‍රශ්නයකටම ලැබෙන පිළිතුර සෑමදෙනාටම සිනහවෙන් බාරගත හැකි එකක් වියයුතුයි

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...