පියාසර වස්තු පිළිබඳ අධ්‍යනයට රහසිගත වැඩසටහන් | දිනමිණ

පියාසර වස්තු පිළිබඳ අධ්‍යනයට රහසිගත වැඩසටහන්

හඳුනානොගත් පියාසර වස්තු පිළිබඳව අධ්‍යනය කිරීමට පෙන්ටගනය රහසිගත වැඩසටහන් ක්‍රියාත්මක කළ බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

එම මාධ්‍ය වාර්තා පැවසූවේ, එම ව්‍යාපෘති වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන ගණනක් වැය කර ඇති බවයි.

නිලධාරීන් සුළු පිරිසක් පමණක් දන්නා මෙම ව්‍යාපෘතිය 2007 වසරේදී ආරම්භ වී ඇති අතර 2012 වසරේදී අවසන් කර තිබේ.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ, අත්භූත ගුවන් යානයක් සහ පියාසර වස්තූන් පිළිබඳව ද එම ව්‍යාපෘතිය විමර්ශන සිදුකර ඇති බව ය.

කෙසේ වෙතත් මෙවැනි හඳුනානොගත් පියාසර වස්තූන්ට පිටසක්වල ජීවින් සම්බන්ධ බවට තහවුරු කිරීමට විද්‍යාඥයින් තවමත් සමත් ව නොමැත.

මෙම ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ, ඩිමොක්‍රටික් පක්ෂයේ විශ්‍රාමික සෙනෙට්වරයකු වූ හැරී රේඩ් ය.

එම ව්‍යාපෘතිය වසා දැමීමට පෙර අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ඊට වැය කළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 20 ඉක්මවනු ඇති.

 

නව අදහස දක්වන්න