ගෙවත්තෙන් මෝටාර් උණ්ඩයක් හමුවෙයි | දිනමිණ

ගෙවත්තෙන් මෝටාර් උණ්ඩයක් හමුවෙයි

වවුනියාවේ - තිරුනාවකුලම් ප්‍රදේශයේ ගෙවත්තක තිබී ජීව මෝටාර් උණ්ඩයක් (17) දා සවස වවුනියාව පොලීසිය විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සහය ලබාගෙන ගොඩ ගෙන තිබේ.
 
තිරුනාවකුලම් ප්‍රදේශයේ පදිංචි කරුවකු සිය ගෙවත්තේ පැලයක් සිටුවීමට වළක් කැපීමට උත්සහ කළ අවස්ථාවේදී උදැල්ලේ යමක් ගැටී තිබේ.
 
ඉතා සැලකිල්ලෙන් ඒ ගැන විමසා බැලීමේදී යම් යුදමය ද්‍රව්‍යක් බව ඔහුට වැටහීමෙන් පසුව ඒ බව අසළ පිහිටි පොලිස් මුරපොලකට දැණුම් දී ඇත.
 
පොලීසිය පැමිණ අවට ආරක්ෂාව යොදා නිරීක්ෂණය කිරීමෙන් පසුව එය මෝටාර් උණ්ඩයක් බව තහවුරු කරගැනීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කැඳවා එය ගොඩ ගෙන ඇත.
 
මෙම මෝටාර් උණ්ඩය මෙම ස්ථානයට දමා බොහෝ කලක් ගතව ඇතත් එය ජීව මෝටාර් උණ්ඩයක් බව පොලීසිය කියයි.
 

නව අදහස දක්වන්න