තම පක්ෂයට ඡන්දය දීමෙන් ආර්ථිකය සවිමත් කරගත හැකියි | දිනමිණ

තම පක්ෂයට ඡන්දය දීමෙන් ආර්ථිකය සවිමත් කරගත හැකියි

 එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දීමෙන් පමණක් සෑම ප්‍රදේශයක් සඳහාම ජාතික ආණ්ඩුව වෙතින් සාර්ථක සංවර්ධනයක් සහතික විය හැකි බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශක්තිමත් ආර්ථිකයක් නොමැතිව, පළාත් පාලන ආයතන සඳහා අවශ්‍ය මුදල් රජයෙන් වෙන් කිරීම කළ නොහැකි බව පෙන්වා දෙන එම නිවේදනය

එක්සත් ජාතික පක්ෂය, ජාතික ආණ්ඩුව මගින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා, පසුගිය රජයේ දෝෂ නිවැරදි කරමින් සිටීන බව පවසයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

2018 පෙබරවාරි මස 10 වන දින පළාත් පාලන මැතිවරණයපැවැත්වීමට අදාළ නිවේදනය එක්සත් ජාතික පක්ෂ‍ය විසින් පිළිගනී.

“2018 අයවැය තුළ ජාතික රජයෙන්, එක්සත් ජාතික පක්ෂය ලබන වසරේදී පළාත් පාලන මට්ටමේ සියලු  කටයුතු සඳහා රුපියල් බිලියන 25 කට අධික ප්‍රමාණයක් වෙන් කර ඇත. මේ මගින් පළාත් පාලන ආයතන සතු මාර්ග සංවර් ධනය, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම, පිරිසිදු පානීය ජලය සැපයීම සහ කසල ඉවත් කිරීම වඩාත් හොඳින් සිදුකළ හැක.”

“මේ නිසා හොඳින් තෝරා ගත්, අවංක සහ උගත් එ.ජා.ප. පළාත් පාලන අපේක්ෂකයන් හට පමණක් ඔබ සහ ඔබේ පවුල වෙනුවෙන් උසස් සේවයක් ලබා දීමට දැනුමක් සහ හැකියාවක් ඇත.”

“දැන් මැතිවරණය ආසන්නයටම පැමිණ ඇත. සෑම ඡන්දයක්ම වටිනා ඡන්දයක්ය . වෙනත් අපේක්ෂකයකුට ඡන්දය දීමෙන් හෝ ඡන්දය දීමෙන් වැලකීමෙන් ඔබගේ ප්‍රදේශයේ අනාගතය අවදානමට ලක් නොකරගන්න. ඡන්දය නොදීම වෙනත් පාර්ශ්වයකට ඡන්දය දීම වැනිවේ.”

“එබැවින්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එ.ජා.ප.ය ට ඔබේ ඡන්දය ප්‍ර කාශ කර, ශක්තිමත් ප්‍රාදේශීය ආර්ථිකයක් ගොඩනැගීම සහතික කිරීම සඳහා, එ.ජා.ප යේ සැලැස්ම සමග එකතු වන්න. යැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

අදහස් 1ක් ඇත

ow ow thawa banku thiyenawane mankolla kanna. There are so many government banks in sri lanks. So you can steal.

නව අදහස දක්වන්න