ඒකාබද්ධේ හොරණ සම සංවිධායක ශ්‍රීලනිපයට එක්වෙයි | දිනමිණ

ඒකාබද්ධේ හොරණ සම සංවිධායක ශ්‍රීලනිපයට එක්වෙයි

මීගහතැන්න සමූහ වාර්තාකරු

ඒකාබද්ධ විපක්ෂයේ හොරණ ආසනයේ සම සංවිධායක ලෙස කටයුතු කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී යසපාල කෝරලගේ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරණ නව ආසන සංවිධායක ධුරය ජනාධිපතිතුමා තමාට ලබාදුන් බව යසපාල කෝරලගේ මහතා කීවේය.

විදුර වික්‍රමනායක මහතා සමඟ දිගු කලක සිට පැවති දේශපාලන ගැටුමක ප්‍රතිඵලයක් නිසා මෙම තීරණය ගත් බව යසපාල කෝරලගේ මහතා කීවේය. මෙවර නාමයෝජනා සැකසීමේදී මුළුමනින්ම මගේ හිතවතුන්ට පාක්ෂිකයින්ට සහ ක්‍රියාකාරිකයන්, ආධාරකරුවෝ ඉවත්කරල විශාල අසාධාරණයක් සිදුකළා.

මේ පිළිබඳ හොරණ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සමඟ සාකච්ඡා කරල නව තීරණය ගත්තා. විදුර වික්‍රමනායක ගත්ත ඡන්ද ගානම මමත් ලබාගත්තා. නමුත් දිගු කලක සිට මේ කෙනෙහිලිකම් විඳගන කටයුතු කළා.ඒ අනුව හොරණ ආසනයේ කටයුතු කළ විදුර වික්‍රමනායක මහතා තනතුරින් ඉවත්වන අතර නව සංවිධායක යසපාල කෝරලගේ මහතා හොරණ සම්බන්ධිකරණ කමිටු සභාපතිවරයා ලෙස ද ජනාධිපතිවරයා පත්කර ඇත.

නව අදහස දක්වන්න