ප්‍රභාකරන්ගේ ජීව දත්ත ඇතුළත් LTTEයේ CD හමුවෙයි | දිනමිණ

ප්‍රභාකරන්ගේ ජීව දත්ත ඇතුළත් LTTEයේ CD හමුවෙයි

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් බහාලුමක දමා වළලා තිබූ සී.ඩී.තැටි 91 ක් සහ තවත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කිලිනොච්චිය, රාමනාදන්පුරම් ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

ඒ කිලිනොච්චිය පොලීසිය විසින්.

මෙම සී.ඩී.අතර ප්‍රභාකරන්ගේ ජීව දත්ත හා ඡායාරූප වීඩියෝද, සුනාමි ව්‍යවසනයේදී එල්.ටී.ටී.ඊ.සංවිධානයට සිදු වූ හානි හා මියගිය පුද්ගලයින්ගේ විස්තර ද තිබූ බව ද සදහන්.

අදාළ ද්‍රව්‍ය පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

නව අදහස දක්වන්න