කොහුවලදී පුද්ගල ඝාතනයක් | දිනමිණ

කොහුවලදී පුද්ගල ඝාතනයක්

කොහුවල, ප්‍රතිබිම්බාරාම පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තාවේ.
 
පුද්ගලික ආරවුලක් හේතුවෙන් සිදුවූ පහර දීමකින් අදාල පුද්ගලයා මියගොස් තිබේ.
 
මියගොස් ඇත්තේ වස්කඩුව, පනාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි අයෙකි.
 
ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.
 
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොහුවල පොලිසිය විමර්ශන සිදු කරන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

නව අදහස දක්වන්න