මගේ මාංචු ගලවපල්ලා | දිනමිණ

මගේ මාංචු ගලවපල්ලා

 

“මං ඒකට කොහෙත්ම සම්බන්ධ නැහැ.” බිම සිටි මිනිසා යළිත් කීවේය. මං ඒකට කොහෙත්ම අදාළ නැහැ. මං මෙහෙම දෙයක් හීනෙකින්වත් හිතුවෙත් නැහැ. මං මෙතන්ට ඇවිත් මිනිත්තු දහයක් ගියේ නැහැ. ඒක බිම තියන්න සර්...”

සාජන්වරයා බිම තිබූ ජපන් අසිපත ගෙන ඔහු වෙත දිගු කළේය.

“මං මීට කලින් කවදාවත් ඒක දැකල නැහැ.“ බර්ලේක් පැවසුවේ දඟලමිනි.

ඒක බිත්තියෙ එල්ලලා තිබ්බෙ ...”බර්ලේග් කීය. “එයා ඒක ඇදල ගන්න ඇති. මම ටික වේලාවකට උඩදී ෆ්ලෝචර් ළඟින් යද්දි ඒක බිත්තියෙ තිබුණා...”

“ඒ කොච්චර වෙලාවකට කලින්ද?”

“පැයකට විතර කලින්. පැය භාගයකට උඩදි වෙන්නත් පුළුවනි. මම මගෙ නිදන කාමරයට ගියා.”

බිම සිටි මිනිසා හිස හරවා ඔහු දෙස බැලුවේය. “තමුසෙ තමයි ඇන්නෙ”. ඔහු බිහිසුණු ලෙස කීය. “උඹ ඒක කරලා මාව අහුකරන්න හදනවා.”

“දැන් ඇති...” කුපිත වූ කොස්තාපල්වරයා කීය. සාජන්වරයා ඔසවාගෙන සිටි දෙය හෙමිහිට බිමට අත හැරියේය.

“උඹ කටවහගෙන හිටපන් යක්ෂයා.” ඔහු කීවේ තර්ජනාත්මක ස්වරයෙනි.

නැවත මේසය අසලට ගිය ඔහු ස්ප්‍රිතු ස්වල්පයක් වීදුරුවකට වත්කර අතට ගත්තේය. එය නැවත බිම තබා බර්ලෙග් වෙතට ගියේය.

“දැන් හොඳයි නේද මහත්තයා ?” ඔහු ඇසුවේය. අනෙකා දුබල ලෙස හිස සැළුවේය.

“ඔබට තවදුරටත් මෙය උවමනා නැති වෙයි.” සාජන් වරයා කීය.

ඔහු අත දිගුකර පෙන්වූයේ අනෙකා අත තිබූ පිස්තෝලය ය. ඔහු එය රැගෙන සාක්කුවේ දමා ගත්තේය.

“සර්ගෙ මැණික්කටුව තුවාල වෙලා සර්.” ඔහු පැවසුවේ සංකාවෙනි.

බර්ලෙග් එක් අතක් ඔසවා බලා අනතුරුව අනෙකා දෙස බැලීය.

“මේ අත මං හිතන්නෙ...” යි සාජන්වරයා කීය. “මං ඒක දැක්කෙ දැනුයි.”

ඔහු අනෙකාගේ මැනික්කටු අතින් ගෙන ඔහුගේ සාක්කුවේ ගත් ශීතල රළු යමකින් එකවරම ඒවා සිර කළේය.

“අන්න හරි” සාජන් කීය. “කටවහගෙන ඉන්නවා.”

කොස්තාපල් විමතියෙන් හැරී බැලුවේය. බර්ලෙග් කුපිතව කඩා පැන්නේ ය.

“මේවා ගලවලා දානවා.” ඔහු කෑ ගැසුවේය. “ඔහෙට පිස්සු හැදිල ද? මේවා ගලවනවා.”

“හැමදේම නිසි වෙලාවට” යි සාජන්වරයා කීය.

“ඒවා ගලවනවා.” බර්ලෙග් යළි කෑ ගැසුවේය.

පිළිතුරු වශයෙන් ඔහු දැඩිව අල්ලාගත් සාජන් ඔහුගේ සුදුමැලි මුහුණ හා දිලිසෙන ඇස් දෙස එක එල්ලේ බලමින් ඔහු කාමරයේ අනෙක් පසට ඇදගෙන ගොස් පුටුවකට තල්ලු කළේය.

“කොලින්ස්” ඔහු සැරෙන් කීය.

“සර්” සහායකයා පැවසුවේ විමතියට පත් හඬකිනි.

“අර වංගුවෙ ඉන්න දොස්තර ළඟට දුවලා යන්න. මේ මිනිහා මැරිල නැහැ.”

ඔහු කාමරයෙන් පිටවූ විගස සාජන් ස්ප්‍රිතු වීදුරුව රැගෙන ෆ්ලෙචර් ළඟින් දණ ගසාගෙන ඔහුගේ හිස ඔසවා ස්පිරිත්තු ස්වල්පයක් උගුරට දමන්නට වෑයම් කළේය. කෙළවරකට වී සිටි බර්ලෙග් එදෙස බලා සිටියේ මායාවකට හසුවූ අයුරිනි.

හති දමන ශල්‍ය වෛද්‍යවරයා සමඟින් කොස්තාපල් නැවත පැමිණෙනු ද,  තිදෙනාම ෆ්ලෙචර් වෙත නැඹුරුව සිටිනු ද මිය ගිය මිනිසා ඇස් හැර බලනුද ඔහුගේ තොල් සෙලවෙනුද දැකගත හැකි විය. සාජන්වරයා සාක්කු දිනපොතෙහි යමක් සටහන් කරනුද, තිදෙනාම ඔහු දෙස සමීපව සිටිනු ද පෙනිණ. සාජන්වරයා පැමිණ බර්ලෙග්ගේ උරහිසට අත තැබීය. ඔහු අවනතව නැගී සිට සාර්ජන් සමඟින් අඳුරට පා තැබුවේය.

W.N.Jacobs ගේ Killing In The Library

සිංහල කළේ - මානෙල් ජයන්ති ගුණසේකර


නව අදහස දක්වන්න

Or log in with...