STF වෙඩි තැබීමට සැක තවත් 03ක් අත්අඩංගුට | දිනමිණ

STF වෙඩි තැබීමට සැක තවත් 03ක් අත්අඩංගුට

දිවුලපිටිය බල්ලපාන ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මඟින්.

පොලිස් මාධ්‍ය ප්‍රකකාශක කාර්යාලය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් එම කොට්ඨාසය වෙත කැඳවූ සැකකරුවන්ගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුගිය ඔක්තෝබර් මස 23 වැනිදා දිවුලපිටිය, බල්ලපාන ප්‍රදේශයේ දී විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සැකකරුවන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි,33,35 සහ 39 යන වයස්වල පසුවන්නන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඔවුන් අද (24) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.


නව අදහස දක්වන්න

Or log in with...