'හා හා හරි හාවා' කාටූන් ශිල්පියා සමු ගනියි | දිනමිණ

'හා හා හරි හාවා' කාටූන් ශිල්පියා සමු ගනියි

'බග්ස් බනී' ප්‍රතිනිර්මාණය කළ සජීවිකරණ සිනමා ශිල්පී බොබ් ගිවන්ස් මෙලොවින් සමුගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඔහු මිය යන විට අනූනව වෙනි වියේ පසු වූ ඔහු හැට වසරකට එහා යන වෘත්තීය ජීවිතය තුළ ඩිස්නි, වෝනර්ස් බ්‍රදර්ස් සහ හැනා-බාබරා වැනි සිනමා නිෂ්පාදන සමාගම් තුළ සේවය කර තිබේ.

'ටොම් ඇන්ඩ් ජෙරී' (Tom & Jerry ) සහ 'ඩැෆී ඩක්' (Daffy Duck) ද ඔහු අතින් නිර්මාණ වූ සෙසු කාටූන් චරිත අතර වේ.

1937 වසරේ දී ඩිස්නි සමාගමේ සේවය කළ බොබ් ගිවන්ස් 'ඩොනල්ඩ් ඩක්' (Donald Duck) සහ 'ස්නෝ වයිට්' (Snow White) යන කාටූන් චරිත සම්බන්ධයෙන් පළමුව කටයුතු කළේය.

අනතුරුව 1940 වසරේ දී වොනර්ස් බ්‍රදර්ස් සමාගමට එක් වූ ඔහු 'බග්ස් බනී' චරිතය ප්‍රතිනිර්මාණය කිරීමත් සමග ප්‍රසිද්ධියක් දිනා ගත්තේය.

'හා හා හරි හාවා' හෙවත් 'බග්ස් බනී' (Bugs Bunny) කුඩා අවදියේ අපට බෙහෙවින් සමීප කාටූන් චරිතයකි.

නව අදහස දක්වන්න