අළු බඳුන සිවුවැනි තරගය ජය පැරදුම් නෑ | දිනමිණ

අළු බඳුන සිවුවැනි තරගය ජය පැරදුම් නෑ

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

කෙසේ වෙතත් තරග 5කින් සමන්විත තරගාවලිය මේ වනවිටත් තරග 3-0ක් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව සිටී.

ලකුණු 164ක් පසුපිසන් දෙවැනි ඉනිම ඇරැඹු ඔස්ට්‍රේලියාව තරග නිමාවනවිට කඩුලු 4ක් දැවී ලකුණු 263ක් රැස්කර තිබිණි.

නායකත්වයේ ඉනිමක් දියත් කළ ස්ටීවන් ස්මිත් 23වැනි ටෙස්ට් ශතකය ලෙස නොදැවී ලකුණු 102ක් රැස් කළේය. පන්දු 275ක් වැයවූ ඔහුගේ ඉනිමට එක්වූයේ හතරේ පහර 6ක් පමණි. ඩේවිඩ් වෝනර් ලකුණු 86ක් ඉනිමට එක් කළේය.

 

නව අදහස දක්වන්න