නව වසර උදාවත් සමඟ විවිධ අනතුරුවලට ලක් වු පුද්ගලයන් 512 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබෙන අතර එය පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 6ක වැඩිවීමක් බව කොළඹ ජාතික රෝහල ප්‍රකාශ කරයි.
රෝහල් ගතකළ පුද්ගලයන් අතරින් 194 දෙනෙකු මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන අතර එම සංඛ්‍යාව ද පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 8ක වැඩිවීමක් වෙයි.
ජාතික රෝහල් හදිසි අනතුරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමින්දි සමරකෝන් මහත්මිය සහ හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිණි පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවියගෙන් සිදුකළ විමසීමේ දී මේ බව අනාවරණය විය.
සෙසු අනතුරු අතර මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 117 දෙනනෙකු තුවාල ලබා තිබෙන අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 3ක වැඩිවීමක් වන අතර නිවෙස්වල අනතුරුවලින් පුද්ගලයින් 68 දෙනෙකු තුවාල ලබා තිබේ. එය පසුගිය 2017 වර්ෂයට සාපේක්ෂව සියයට 33ක වැඩිවීමක් වෙයි. හිංසන ක්‍රියාවලින් පුද්ගලයින් 42 දෙනෙකු ද රතිඤ්ඤා අනතුරුවලින් 12 වශයෙන් අනතුරු වාර්තා වී ඇත.
2017 වසරේ වාර්තා වී ඇති සමස්ත අනතුරු ප්‍රමාණය 479 ක් වූ අතර ඊට සාපේක්ෂව මෙවර එය සියයට 6 ක වැඩිවීමක් බවද එම රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මාධ්‍ය හරහා කොතෙකුත් දැනුවත් වීම් කළ ද පසුගිය වසර වඩා මෙවර අනතුරුවල සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බවද කෙසේ වුවද පුද්ගලිකව මේ කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් අනතුරු අවමකර ගැනීමේ හැකියාව පවතී.
නව අදහස දක්වන්න