වැඩි මිලට බඩු විකුණන්නන් සොයා වැටලීම් 2500ක් | දිනමිණ

වැඩි මිලට බඩු විකුණන්නන් සොයා වැටලීම් 2500ක්

සුභාෂීණී සේනානායක

පසුගිය උත්සව සමයේ වැඩි මිලට අත්‍යාවශ්‍ය භාණ්ඩ විකුණු වෙළෙදුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දෙසැම්බර් මස වැටලීම් 2500ක් සිදු කර ඇත.

ඉන් පාලන මිලක් පනවන ලද පොල්, කට්ට කරවල, සාලයා කරවල, හා මයිසූර් පරිප්පු සම්බන්ධයෙන් සිදු කළ වැටලීම් වලින් 1728කට එරෙහිව නිතිමය පියවර ගෙන ඇත.

අධීකාරිය විසින් 2017 ජනවාරි මස සිට දෙසැම්ර් මස 31 දක්වා සිදු කළ වැටලීම් ගණන 22858ක් වේ.

රජය මගින් නියම කර ඇති උපරිම සිල්ලර මිල ගණන් වලට වඩා වැඩි මිලට භාණ්ඩ විකිණීම හා විකිණිම සඳහා ඉදිරිපත් කිරිම සහ අනෙකුත් භාණ්ඩ ලකුණු කළ මිලට වැඩි මිලට විකිණිම,භාණ්ඩ මිල ලකුණු කිරිම හා ලේබල් කිරිම හා ඇසිරිම සම්බන්ධයෙන් විධාන කඩ කිරිම, භාණ්ඩ මිල ප්‍රදර්ශණය නොකිරිම, පාරිභෝගිකයා නොමග යවන ආකාරයේ කටයුතු කිරිම, විකිණීමට තබා ඇති භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරිම,පාරිභෝගිකයාට බිල්පතක් ඉදිරිපත් නොකිරිම,තොරතුරු සඳහන් නොකිරිම, නියමිත ප්‍රමිතියට හා ගුණාත්වයට අනුකූල නොවන භාණ්ඩ අළෙවිය යන කාරණා සම්බන්ධයෙන් එම වෙළෙඳ සැල් හිමියන්ට එරෙහිව නිතිමය පියවර පාරිභෝගික අධීකාරිය විසින් ගෙන ඇත. ඉදිරි වසරේ පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වැටලීම් වැඩි කරන බවත් පාලන මිල කඩ කරන වෙළෙදුන්ට එරෙහිව නිතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධීකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා කියා සිටියේය.

නව අදහස දක්වන්න