මරණ දැන්වීම් | දිනමිණ

මරණ දැන්වීම්

ස්වර්ගස්ථවීම්

මර්ලින් ප්‍රනාන්දු මිය - වෙන්නප්පුව. නැසීගිය වෙන්සස් ලාවුස්ගේ ආදරණීය බිරිඳ වූද,​ මේරියස්,​ ලෙනිටා,​ චමින්ද්‍රා,​ රොහන්තා,​ ධවල සහ දීප්තගේ ආදරණීය මෑණියන් වූද,​ මොරීන්,​ සුනිල්,​ ජෙනිෆර්,​ ටෙරන්ස්,​ නිමාලි සහ උද්‍යානිගේ ආදරණීය නැන්දණිය වූද,​ කියාරා,​ නිලේෂ්,​ ශානි,​ සුලාන්,​ දිනුක,​ රනුක,​ දුලාජ්,​ හරේෂ,​ දුලාර,​ සොහාන් සහ යොහාන්ගේ ආදරණීය ආච්චි අම්මා වූද,​ ප්ලැසිඩස්,​ රීටා,​ නැසීගිය ඉව්ලින් සහ නැසීගිය වින්සෙන්ටා කන්‍යා සොහොයුරියගේ දයාබර සොයුරිය වූද,​ වෙන්නප්පුව පේරගස්හන්දිය පාරේ විසූ මර්ලින් ප්‍රනාන්දු මහත්මිය ස්වර්ගස්ථ වූයෙන් අවසන් කටයුතු ජනවාරි 3 වන බදාදා සවස 3.30 ට වෙන්නප්පුව උල්හිටියාව කතෝලික සුසාන භූමියේදී සිදු කෙරේ.
000079


ප්‍රමාදවී ලැබෙන මරණ දැන්වීම්

එඩ්මන් දන්තනාරායන මහතා - විශ්‍රාමික පාඨශාලාචාරිනී ඉන්ද්‍රානි දන්තනාරායන මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වූද,​ බුද්ධික,​ සඳමාලි සහ ලක්මාලි ගේ ආදරණීය පියාණන් වූද,​ රුචිරා,​ චන්දික සහ මංගේෂ් ගේ දයාබර මාමණ්ඩිය වූද සව්ද් ගේ මුත්තනුවන් වූද ගාල්ල එලියට් පාර අංක 13 නිවසෙහි විසූ විශ්‍රාමික පාඨශාලාචාර්ය (ගා/​ඕල්කට් විදුහල) එඩ්මන් දන්තනාරායන මහතා අභාවප්‍රාප්ත වූයෙන්,​ අවසන් කටයුතු 04-01-2018 වන දින සවස හතරට මහවත්ත සුසාන භූමියේදී සිදු කෙරේ.
000334

 


නව අදහස දක්වන්න