යුද හමුදා ජූඩෝ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට | දිනමිණ

යුද හමුදා ජූඩෝ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට

යුද හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ලකුණු 53ක් ලබාගත් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව සමත්වූ අතර ලකුණු 14 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව අනුශූරතාව හිමිකර ගැනීමට සමත් විය.

රෙජිමේන්තු 18ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 200කට අධික පිරිසක් සහභාගි වු තරගාවලියේ අවසන් තරග සහ ජය සංකේත ප්‍රදානෝත්සවය පසුගියදා පනාගොඩ යුද හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්විණි.

ජ්‍යෙෂ්ඨ හා ආධුනික ලෙස තරගාවලිය පැවැති අතර එහි ආධුනික අංශයේ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම සතු වෙද්දී එහි ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකායටද, අනුශූරතාව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවටද හිමි විය.

යුද හමුදා ජූඩෝ කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ශාන්ත දෙහිවත්ත මහතාගේ ආරාධනයෙන් සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස යුද හමුදා මුලස්ථානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා සහභාගි විය. මේ අවස්ථාවට යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න