දඹුල්ලේ තුන් නිවුන් දරු උපතක් | දිනමිණ

දඹුල්ලේ තුන් නිවුන් දරු උපතක්

තිදෙනාම ගැහැනු ළමයි

2018 වසර ආරම්භයත් සමඟ ම දඹුල්ල මූලික රෝහලට ඇතුළත් වූ විසි හත් හැවිරිදි මවක් තුන් නිවුන් දරු උපතක් සිදු කළාය. මෙසේ තුන් නිවුන් දරුවන් බිහි කොට ඇත්තේ දඹුල්ල පහළ ඇරැවුල ප්‍රදේශයේ පදිංචි ප්‍රියානි මලීකා ප්‍රනාන්දු එක්දරු මවයි.

දඹුල්ල රෝහලේ මාතෘ හා ළමා වාට්ටුවේ සේවය කරන හෙද නිලධාරිනියන් නව වසරේ මෙම තුන් නිවුන් දරු උපත සැලවීමත් සමග දැඩි සතුටට පත්ව සිටින අයුරු එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි. දඹුල්ල රෝහලේ ප්‍රසව හා නාරි විශේෂ දොස්තර හිරන්ති සෝලංගආරච්චි මහත්මිය විසින් මේ සාර්ථක දරුවන් උපත සදහා වෛද්‍ය දායකත්වය ලබාදී ඇත.

මෙම දරුවන් තිදෙනාම ගැහැණු දරුවන් වීම විශේෂත්වයකි. දරුවන් තිදෙනාම ඉතාමත් හොඳ නීරෝගී තත්ත්වයේ පසුවන බව වෛද්‍යවරු සඳහන් කරති.

සීගිරිය විශේෂ

නව අදහස දක්වන්න