වලස්මුල්ල රෝහලේ ගින්නක් | දිනමිණ

වලස්මුල්ල රෝහලේ ගින්නක්

වලස්මුල්ල රෝහලේ ඖෂධ ගබඩාවේ හදිසියේ ඇතිවූ ගින්නක් හේතුවෙන් ඖෂධ ගබඩාවට හා එහි තිබූ උපකරණ මෙන්ම ඖෂධවලට ද හානි වී ඇත.

ඊයේ (02) අලුයම 12.30ට පමණ ගිනි ගැනීම සිදුවී ඇති අතර ගින්නට හේතුව මෙතක් සොයා ගෙන නැති අතර එහි තිබූ ශීතකරණයක් නිසා ගින්න ඇති වුවාද යන්න සැක පළ කරති.

ගිනිගැනීම හේතුවෙන් ඖෂධ ගබඩාවේ තිබූ ඖෂධ සඳහා ද හානි වී ඇති අතර මේ වන විට වලස්මුල්ල රෝහලට අවශ්‍ය ඖෂධ හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් සම්පාදනය කරන බව ද හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ. පී. ආර්. එස්. චන්ද්‍රසේන මහතා පවසා සිටියේය.

හානිය සම්බන්ධයෙන් මෙතෙක් ගණනය කිරීමක් සිදු කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා නිලධාරින් කණ්ඩායමක් යොදවා තිබෙන බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.


නව අදහස දක්වන්න