මොනරාගල විශිෂ්ටතම උසස්පෙළ ප්‍රතිඵල බුත්තල දුටුගැමුණු විද්‍යාලයෙන් | දිනමිණ

මොනරාගල විශිෂ්ටතම උසස්පෙළ ප්‍රතිඵල බුත්තල දුටුගැමුණු විද්‍යාලයෙන්

විදුහල්පති ආර්. එම්. සෙනවිරත්න

ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම උසස්පෙළ ප්‍රතිඵල පෙන්වීමට මෙවරත් වැල්ලවාය අධ්‍යපන කලාපයට අයත් බුත්තල දුටුගැමුණු විද්‍යාලයේ උසස්පෙළ සිසු සිසුවියෝ සමත් වූහ.

ඉකුත් අගොස්තු මාසයේ පැවති අපොස උසස් පෙළ විභාගයෙන් තාක්ෂණ විෂය ධාරාව යටතේ ජෛව පද්ධති තාක්ෂණ විෂය යටතේ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වීමට මේ විද්‍යාලයේ ඩබ්ලිව්. එම්. බුද්ධික නුවන් සිසුවා සමත්වූ අතර එහි දෙවැනි තැන ඩී. එම්. සඳුනි නර්මදා සිසුවිය විසින්ද මිට අමතරව 5, 11, 13, 22, 35 ඇතුළු ස්ථාන රැසක්ද මේ විද්‍යලයේ සිසු සිසුවියෝ හිමි කරගත්හ.

ලිලංක ලක්ෂාන් සිසුවා ගණිතංශයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රථමයා විමට සමත්වූ අතර එම විද්‍යලයේ ගණත අංශයේ 7, 11, 26 ඇතුළු ස්ථාන රැසක්ද හිමිකර දීමට විද්‍යාලයේ ගණිත අංශයේ ප්‍රධානින් ඇතුළු ආචාර්ය මණ්ඩලය සමත් වූහ.

ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව යටතේ දෙවැනි ස්ථානය ආර්. එම්. අමිල කසුන් රූපශ්‍රී සිසුවා ද තෙවැනි ස්ථානය එල්. පී. චාතුර්යා දිල්හානි සිසුවිය ද හිමිකර ගත්අතර 7, 8, 9, 16, 22, 30, 35 ස්ථාන දෙකක් ඇතුළු ස්ථාන රැසක් හිමිකරගැනීමට විද්‍යලයේ සිසුසිසුවියෝ පිරිසක් සමත්වූහ.

කලා විෂය ධාරාව යටතේ දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ඩබ්ලිව්. දිනුෂා ලක්මාලි සිසුවිය සමත්වු අතර 8,16,39,38,42 ඇතුලු ස්ථාන රැසක් ලබාගැනිමට විද්‍යාලයේ අනෙකුත් සිසු සිසුවියෝ සමත් වූහ.

වාණිජ අංශයෙන් දිස්ත්‍රික්කයේ දෙවැනියා වීමට ඩී. එච්. එම්. චේතනා නෙත්මිකා සිසුවිය සමත්වූ අතර 5, 6, 9, 10, 17, 25, 29, 37 ස්ථානයන්ද වාණිජ අංශයේ සිසු සිසුවියන් විසින් හිමිකරගන්නා ලදී.

සමස්ත ජයග්‍රහණ සම්බන්ධයෙන් දිණමින පුවත්පතට අදහස් දක්වමින් විද්‍යාලයීය විදුහල්පති ආර්. එම්. සෙනවිරත්න මහතා මෙසේ කීය.

පසුගිය වසරවල මෙන්ම මේ වසරේත් දිස්ත්‍රික්කයේ සියලු පාසල් වලට අභියොගයක් වෙමින් නොකඩවා ලබාගන්නා ලද මේ ඡයග්‍රහණය සම්බන්ධයෙන් අප හදවතින්ම සතුටුවෙනවා .ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූ ආචාර්ය මණ්ඩලය මවුපියන් මෙන්ම පැහැදිලි ඉලක්කයක් අරමුණක් ඔස්සේ විභාගයට පෙනීසිටි විද්‍යලයේ සියලු දරුවන්ට සුබ පැතීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. එ් වගේම නිරන්තයෙන් අපිව අධීක්ෂණය කළ කලාප අධ්‍යපන අධ්‍යක්ෂතුමා, පළාත් අධ්‍යපන අධ්‍යක්ෂ පළාත් අධ්‍යපන ලේකම්වරිය, අධ්‍යපන ඇමතිතුමා ඇතුලු සියලු දෙනාටම ස්තුතිය පුදකරනවා.

වැල්ලවාය
ජී. අයි. ආර්. ගරුසිංහ 

නව අදහස දක්වන්න