අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක් | දිනමිණ

අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (3) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් හා ආසන සංවිධායකවරුන් සඳහා අද පැවැත්වෙන මහ සමුළුවේදි අගමැති වික්‍රමසිංහ මහතා මෙම විශේෂ ප්‍රකාශය කරනු ලබයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදි මෙම මහ සමුළුව පැවැත්වේ.

මෙවර මැතිවරණයට පක්ෂයෙන් තරඟ වදින සියලුම අ‍පේක්ෂකයින් මෙම සමුළුවට කැඳවා තිබේ.

තනි පක්ෂයක් ලෙස රටේ සියලුම පළාත් පාලන ආයතනවලට තරඟ වදින්නේ එක්සත් ජාතික පක්ෂය බැවින් වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් වී සිටින්නේ එක්සත් ජාතික පක්ෂයෙනි. 

නව අදහස දක්වන්න