අබිරහස් ලෙස ඝාතනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ මළ සිරුරක් මාලිගාවත්තේ | දිනමිණ

අබිරහස් ලෙස ඝාතනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ මළ සිරුරක් මාලිගාවත්තේ

විජයානි එදිරිසිංහ

මෙයට මාස කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ චාල්ස් ජීවන් නැමැති අය අභිරහස් ලෙස ඝාතනය කැර තිබියදී මාලිගාවත්ත ප්‍රදේශයේදි පොලීසිය ඊයේ(2) උදේ ඔහුගේ මළ සිරුර ‍සොයා‍ ගෙන තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේදි මෙර‍ටට පැමිණ ඇති චාල්ස් ජීවන් පසුගිය සතියේ මෙරටින් යෑමට නියමිතව තිබුණත් ඔහු ජනවාරි දක්වා මෙරටින් යන දිනය දීර්ඝ කර ගෙන ඇති බව පොලීසිය කියයි.

යම් කිසි පිරිසක්මොහු වෙනත් ස්ථානයක ඝාතනය කර මාලිගාවත්තේ අරලිය උයන විශ්‍රාම වැටුප් කාර්යාලය අසල ගෙනවිත් දමා තිබියදි 119ට ලැබුණ තොරතුරක් මත ඊයේ උදේ පොලීසිය මළ සිරුර බාර ගෙන මාලිගාවත්ත රෝහල වෙත ගෙන ගොස් ඇත. එම මරණය සම්බන්ධ පරික්ෂණය ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණි. මාලිගාවත්ත පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි. 


නව අදහස දක්වන්න