පොහොට්ටුවේ අපේක්ෂකයා පුද්ගලයකුට යකඩ පොල්ලකින් ගහලා | දිනමිණ

පොහොට්ටුවේ අපේක්ෂකයා පුද්ගලයකුට යකඩ පොල්ලකින් ගහලා

උඩුබද්දාව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා ලබා දී ඇති උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු පළුගමුව ලිපිනයේ පුද්ගලයකුට යකඩ පොල්ලකින් පහර දීම නිසා දුම්මලසූරිය පොලීසිය මඟින් පෙරේදා (2) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඊයේ(2) කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කැර ඇත. පහරදීමට ලක්වූ පුද්ගලයා කුලියාපිටිය මූලික රෝහලේ අංක 1 වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.

පලුගමුව ලිපිනයෙහි පදිංචි චන්ද්‍රදුරගේ නෝබට් සිල්වා යන අය මෙසේ රෝහල් ගත කැර ඇති අතර පහල වීරකොඩියාන, වීරකොඩියාන ලිපිනයේ පදිංචි නෙලුම්දෙනි පතිරන්නැහැලාගේ ටිකිරි බණ්ඩාර නෙළුම්දෙණි යන අය තමාට යකඩ පොල්ලක් වැනි දෙයකින් පහරදුන් බවට පොලීසියට ප්‍රකාශයක් ලබාදී ඇත.මේ පිළිබඳව දුම්මලසූරිය පොලීසිය පරීක්ෂණයක් පවත්වයි. 


නව අදහස දක්වන්න