නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තෙවර්ෂ පූර්ණ පුණ්‍යෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් | දිනමිණ

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තෙවර්ෂ පූර්ණ පුණ්‍යෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

මහනුවර, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තෙවර්ෂ පූර්ණ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (01) පස්වරුවේ පැවැත්විණි.

නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානාධිපති වතුරකුබුරේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ විසින් මෙහි දී ජනාධිපතිවරයා වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රාකාර බැමි සහිත සංවර්ධනය කරන ලද ඉහළ මළුව විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

ඉන් අනතුරුව ශ්‍රී ශාඛ්‍යසිංහ සුගන්ධ කුටිය වෙත ගිය ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති ශ්‍රී ධාතූන් වහන්සේ වෙත පුෂ්පෝපහාර දැක්වීය. මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමීන් වහන්සේ. අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ විද්‍යාලාධිපති, රංගිරි දඹුලු රජමහා විහාරාධිපති ගොඩගම ධර්මකීර්ති ශ්‍රී චන්ද්‍රානන්ද මංගලාභිධාන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුන් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මේ පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය 


නව අදහස දක්වන්න