දිවියකුගේ සපා කෑමට ලක්ව තුවාල ලත් හැටන් පන්මූර් වතුයායේ වතුකම්කරුවන් සිව් දෙනකු හා කාන්තාවක් ප්රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඊයේ (02) පස්වරු 3.00 ට පමණ ඇතුළත් කර තිබේ.
තේ දලු නෙළමින් සිටි තමන් හමුවට කඩා පැන දිවියා ඔවුන් පසුපස පන්නා යමින් සපා කෑ බව තුවාල ලැබූවෝ පවසති.
තේ පඳුරක් යට සැඟවී සිටි මෙම දිවියා අඩි තුනක පමණ දිගින් යුත් අඩි දෙකක් පමණ උස සතකු බවත් සපා කෑම සිදුකර සුළු වේලාවක් තුළ ඌ පලාගිය බවත් ඔවුහු කීහ.
රක්ෂිතවල සිටින දිවියන් පසුගිය කාලය තුළ තේ වතු ආශ්රිතව ආහාර සොයා සැරිසැරීම නිසා එම සතුන්ගේ සපා කෑමට පුද්ගලයන් රැසක් ගොදුරු අතරම දිවි මිනිස් ගැටමු හේතුවෙන් දිවියන් 20 දෙනකු පමණ ඝාතනයට ලක්වූහ.
පුද්ගලයන් සපා කා පලාගිය දිවියා ඇල්ලීමේ මෙහෙයුමක් පොලීසිය, වනජීවී නිලධාරීන් හා ප්රදේශවාසීන් එක්ව ඊයේ (02) පස්වරුවේ දියත් කර තිබෙන නමුත් එය සාර්ථකවී නොමැත.
නව අදහස දක්වන්න