මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා අගමැති නව වසරේ වැඩ අරඹයි | දිනමිණ

මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා අගමැති නව වසරේ වැඩ අරඹයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2018 නව වසර වෙනුවෙන් මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද අරලියගහ මන්දිරයේ දී ඊයේ (02) රාජකාරි ඇරැඹීය. තිනියාවල පාලිත හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කළ අතර, අනෙකුත් ආගම්වලට අනුකූලවද සෙත් පැතීම සිදු කෙරිණි. නව වසරේ පළමු රාජකාරිය ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්මතයට අගමැති වික්‍රමසිංහ මහතා අත්සන් තැබුවේය. අනතුරුව අග්‍රාමාත්‍යවරයාට නව වසර සඳහා සුබ පැතීමට අරලියගහ මන්දිරයට පැමිණ සිටි මැති ඇමැතිවරුන්, හිතවතුන් මාධ්‍යවේදීන් ඇතුළු පිරිස සමඟ සුහදව කථා බස් කරමින් අගමැතිවරයා ඔවුනට ද නව වසර සඳහා සිය සුබ පැතුම් පිරිනැමුවේය.

ඡායාරූප- හිරන්ත ගුණතිලක 

නව අදහස දක්වන්න