මනුෂ්‍ය ඝාතක සැකකරුවන් පොලිසියට භාරවෙයි | දිනමිණ

මනුෂ්‍ය ඝාතක සැකකරුවන් පොලිසියට භාරවෙයි

හික්කඩුව ප්‍රදේශයේදී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය වෙත බාරවී තිබේ.
 
පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වන දින හික්කඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් හා යකඩ මුගුරු වලින් පහරදීමෙන් අදාළ ඝාතනය සිදුකර තිබුණි.
 
සැකකරුවන් අද(03) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 

නව අදහස දක්වන්න