තට්ටු 60ක කුළුනු තුනක් වරාය නගරයට | දිනමිණ

තට්ටු 60ක කුළුනු තුනක් වරාය නගරයට

කොළඹ වරාය නගරය තුල ඩොලර් බිලියනයක ආයෝජනයකින් තට්ටු 60 ගොඩනැගිලි 3ක් ඉදිකිරීමට යෝජනා වී තිබේ.

විදේශීය ආයෝජකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චමිපික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ වරාය නගරයේ වර්තමාන ඉදිකිරීම් පිළිබදව නිරික්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

මෙම නිරික්ෂණ චාරිකාවේදි විදෙස් මාධ්‍යවේදින් වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙම ව්‍යාපෘතියට අදාල ගිවිසුම් ලගදීම අත්සන් තබන බවය.

කොළඹ වරාය නගරයේ මූලික ඉදිකිරීම් මේ වන විට 60%ක් පමණ අවසන්වී ඇති බව නිලධාරීන් පවසනවා.මුහුද ගොඩකර ඉදිකෙරෙන කොළඹ වරාය නගර භූමිය හෙක්ටයාර 269ක් පමණවේ.

මෙම වරාය නගරයේ ඉදිකිරීමට යෝජිත තට්ටු 60 කුළුනු තුන ඉදිකිරීමට අදාල නව නීති සම්පාදනය මාර්තු මාසයේදි සිදුකිරීමට නියමිත අතර පරිසර අධ්‍යනය මැයි මාසයේදි සිදුකිරීමට නියමිතය.

නව අදහස දක්වන්න