ඔබට කොහොමද? | දිනමිණ

ඔබට කොහොමද?

ජනවාරි මස 03 සිට 09 දක්වා

මේෂ
ස්ත්‍රීන්ගෙන් උදව්

විදේශ ගතවිය හැක. ගැනීමේ හා විකිණීමේ ගනුදෙනු ඇති අයට වාසිදායක සතියකි. ඔප්පු තිරප්පු මාර්ගයෙන් උරුම හිමිකම් ලබාගත හැක. පාසල් අධ්‍යාපනය සඳහා වැඩි වියදමක් පෙන්වයි. කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට ඉස්මතුවීමට අවස්ථාව ඇත. වෘත්තීමය වෙනස්කම් බලාපොරොත්තු විය යුතුය. හවුල් ව්‍යාපාරිකයන්ට යහපත්ය. ස්ත්‍රි පාර්ශ්වයෙන් වාසි ලැබේ. ස්නායු ආබාධ ඇතිවිය හැක.

වෘෂභ
හදිසි ධනවාසි

පෙම්වතුන්ට හිතකර කාලයක් නොවේ. අපවාද අවලාද ලබයි. හදිසි ධන වාසී. ඉඩම් ගනුදෙනුවලින් වාසි ඇති වේ. තම රැකියා ස්ථානවල ප්‍රධාන තැනක් ගනී. හදිසි ශෛල්‍යකර්ම සිදුවිය හැකියි. ප්‍රතිවාදීන් අභිබවයි. මඟුල් තුලා කටයුතුවලට හිතකර කාලයකි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාර්ය බහුල බවක් පෙන්වයි. විදේශ ගමන් කල්ගත වේ. සමේ රෝග සහ උගුර බෙල්ල ආශ්‍රිතව ආබාධ හට ගැනේ.

මිථුන
ගුප්ත රෝග

ශාස්ත්‍රීය කටයුතුවලින් ප්‍රතිවාදීන් අභිබවා යා හැකිය. කලාවේ නිරතවූවන් ප්‍රසිද්ධියට පත්වෙයි. සාර්ථක වෙයි. හිමිවිය යුතු මුදල් කොටස් වශයෙන් ලැබේ. ක්‍රීඩා‍වේ නිරතවූවන්ට ඉස්මතුවිය හැක. ප්‍රේමවන්තයින්ට තම අදහස් ඉෂ්ට කරගනී. තමන් ගන්නා හදීසි තීරණ පවා සාර්ථක විය හැකිය. ගුප්ත රෝග ඇති වේ. දෛනික වැටුප් ගන්නන්හට වාසිදායක සතියකි. සමස්ථයක් වශයෙන් අය පක්ෂය යහපත්ය. අධි රුධිර පීඩනය ඇති වේ. ප්‍රවේශම් වන්න.

කටක
ප්‍රතිවාදීන් අභිබවයි

කොන්ත්‍රාත් බ්‍රෝකර් වැඩ බාරගත්තන්ට සුබ සතියකි. ඉඩම් නිවාස ගනුදෙනු කරන්නන්ට වාසිදායකය. ප්‍රබල ග්‍රහයෝග පිහිටීම නිසා ප්‍රතිවාදීන් අභිබවා යාහැකිය. කලාවේ නිරතවූවන්ට සුබ සතියකි. හවුල් ව්‍යාපාරිකයන්ට හොඳ නැත. අඹුසැමි සමගියට බාධා ඇති වේ. ශාස්ත්‍රීය කටයුතුවලදී නිර්මාණ ශක්තිය ඉස්මතු වේ. අධ්‍යාපනයට සුබ සතියකි. විවාහ කටයුතු තවදුරටත් කල් යයි. ගෘහස්ථ අරගල ඇති වේ. රුධිර දෝෂ ඉස්මතු වේ.

සිංහ
වෘත්තීය වෙනස්කම්

වෘත්තීමය කටයුතු සාර්ථකය. වෙනස්කම් වෙතත් අවාසිදායක නැත. අය පක්ෂය ඉදිරියෙන් සිටියි. බහුවිද ආදායම් මාර්ග විවෘත වේ. ඉඩම් නිවාස ලාභ ලැබීමට සුබ වාතාවරණයක් උදාවෙයි. කලාවේ නිරතවූවන්ට ඉස්මතුවීමට හොඳ කාලයකි. ශාස්ත්‍රීය කටයුතු පොත්පත් ආදිය සඳහා වියදම් කරයි. අධ්‍යාපනයට සුදුසු වාතාවරණයක් සෑදේ. පෙම්වතුන්ගේ අපේක්ෂා ඉටුවේ. මඟුල් තුලා කටයුතුවලදී සාර්ථක බවක් පෙන්වයි. වි‍ෙද්ශ ගමන් කල්ගතවේ. ගුප්ත රෝග, රුමෙටික් ආබාධ ඇතිවිය හැක.

කන්‍යා
සහෝදරයන්ගෙන් උදව්

ගිවිසුම් ආදිය අස්සන් කිරීමට සුබ කාලයකි. කොන්ත්‍රාත්, බ්‍රෝකර් වැඩවල යෙදී සිටින්නන්ට හිතකර අවස්ථාවකි. කෙටි ගමන්වලින් ඵල ප්‍රයෝජන ලබයි. සමස්ථයක් වශයෙන් අප පක්ෂය යහපත්. තම සහෝදරයන්ගෙන් උදව් ලබයි. ඉඩ කඩම්, නිවාස ගනුදෙනු ඇති අයට වාසිදායක අවස්ථාවකි. පාසල් අධ්‍යාපනයට බාධා ඇති වේ. උසස් අධ්‍යාපනයට සුබයි. මගුල් තුලා කටයුතුවලට එතරම් හොඳ නැත. ළය පීනස රෝග ඇති වේ. ප්‍රවේසම් වන්න.

තුලා
නීති ගැටලු

ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය, ඉස්මතු වේ. නායකත්වය දෙයි. බහුවිද මුලාශ්‍රවලින් ආදායම් ලැබේ. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට හිතකර කාලයකි. නීති ප්‍රශ්න මතුවේ. මේ නිසා පොලිසි, උසාවි යාමට සිදුවේ. අය විය යුතු මුදල් කොටස් වශයෙන් ලබයි. අනුන් පාලනයට යයි. අපේක්ෂක ඉඩම්, නිවාස ලබාගත හැක. ප්‍රතිවාදීන් හා හැලහැප්පීම් ඇති වේ. පාසල් අධ්‍යාපනයට හිතකර නැත. හිසේ රෝග පීඩා ඉස්මතු වේ.

වෘශ්චික
අධ්‍යාපනයට යහපත්

නිවසා, ඉඩම් වෙනුවෙන් ආයෝජන යෙදීමට බලාපොරොත්තුවන්නට සුබවේ. එසේම ඉඩම්, නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තුවන්නන්ටද වාසිදායකය. තමන්ට හිමිවිය යුතු ආදායම් කොටස් වශයෙන් ලබයි. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට හිතකර කාලයක්. නීති ගැටලුවලට මැදිවේ. උසස් අධ්‍යාපනයට යහපත්ය. හදිසි රෝහල් ගතවීමක් සිදුවිය හැක. අධිරුධිර පීඩනය ඇති වේ.

ධනු
ඉඩම් වාසි

අය පක්ෂය නරක නැත. ඒරාෂ්ටක තත්ත්වය හා යටතේ විදේශ මුලාශ්‍රවලින් ධනය ලබන්නන්ට වාසිදායකය. තම වැදගත් ලියකියවිලි නැතිවිය හැක. කලාවේ නිරතවූවන්ට හොඳ කාලයකි. නිවාස, ඉඩම් ආදිය ගැනීමට අපේක්ෂාවෙන් සිටින්නන්ට මහඟු අවස්ථාවකි. ස්ත්‍රීන්ගෙන්, සහෝදරයන්ගෙන් උදව් උපකාර ලබයි. අපේක්ෂිත විදේශ ගමන් යා හැක. වෘත්තීමය කටයුතු කාර්ය බහුල වේ. උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. දියවැඩියාව ඇතිවිය හැක. ප්‍රවේශම් වන්න.

මකර
විදෙස් ගමන්

හිසේ අමාරු, ගුප්ත රෝග ආදිය ඇති විය හැක. සමාජයෙන් අපවාද ලබයි. අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. නිවාස, ඉඩම් ගනුදෙනු කරන්නන්ට වාසිදායකය. ශාස්ත්‍රවේදීන්ගෙන් ආචාර්යවරුන්ගෙන් උදව් ලබයි. අපේක්ෂක විදේශ ගමන් යා හැක. විදේශීය මූලාශ්‍රවලින් ධනය ලබන්නන්ට සුබදායක කාලයක්. අය වැය සමතුලිතව පටන්ගැනීමට අසීරු වෙයි. ඉතිරි කිරීමටද අපහසු වේ. ස්නායු රෝග අත් හා උරහිස් රෝග ඇති වේ.

කුම්භ
පෙම්වතුන්ට සුබයි

මිතුරන්ගෙන් උදව් ලබයි. ආයෝජන යොදා ඇත්නම් ඒවායින් ප්‍රතිලාභ ලැබේ. කාර්යාලවල කාර්ය බහුලත්වයක් ඇත. තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් අධික වියදම් පෙන්වයි. නර්ථනය, සංගීතය ආදී කලා ක්ෂේත්‍රවල නිරතවූවන්ට වාසිදායක වේ. පෙම්වතුන්ට තම නිදහස උපරිමයෙන් භුක්ති විඳීමට ඉඩ ලැබේ. ව්‍යාපාරවල ප්‍රගතියක් පෙන්වයි. හදිසි රෝහල්ගතවීමක් ඇතිවිය හැක. ස්නායු දුර්වලතා ඇති වේ. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට වාසිදායක වේ. සෙම් රෝග ඉස්මතු වේ.

මීන
අපවාද ලබයි

හදිසි ධන වාසියකට හිමිකම් කියයි. අධ්‍යාපනයට සුබ වේ. පෙම්වතුන් අපවාද අවලාද ලබයි. කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට හොඳ අවස්ථාවකි. හදිසි ධන වාසි සේම ධන හානිද ඇත. ආමාශ ආබාධ, මූත්‍රා අමාරු ආදිය ඇති විය හැක. උසස්වීම්වලට නිර්දේශ විය හැක. වෘත්තීමය වශයෙන් ලබන හිඟ මුදල්, ගිවිසුම්, දිරි දීමනා ආදිය ලබයි. අඹු සැමි ගැටුම් ඇති වේ. ළය පීනස ඇති වෙයි.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න


නව අදහස දක්වන්න