සංගක්කාර යෙහාලිට දුන් ලක්ෂ 38ක අතුරුපස | දිනමිණ

සංගක්කාර යෙහාලිට දුන් ලක්ෂ 38ක අතුරුපස

කුමාර් සංගක්කාර විසින් සිය බිරිඳ වන යෙහාලි සංගක්කාර වෙත රුපියල් ලක්ෂ 38ක වටිනාකමකින් යුත් අතුරුපසක් පිරිනමා තිබේ.

'Marry Me' යනුවෙන් මෙම අතුරුපස නම් කර ඇති අතර ආනයනය කරන ලද මිල අධික අමුද්‍රව්‍යවලින් මෙම අතුරුපස නිර්මාණය කර ඇත.

එහි නිර්මාණය කර තිබූ කුඩා නෙළුම් කුලුනක් මත වටිනා මැණිකක්ද තැන්පත් කර තිබූ බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව මානයක් වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රවීණ සූපවේදී විරාජ් ජයරත්නගේ සූපවේදී දිවියට වසර 25ක් පිරීම නිමිත්තෙන් මෙම වටිනා අතුරුපස නිර්මාණය කෙරිණ.

අදහස් 3ක් ඇත

Advertisement walata naththe wifege yata andumata pamanai.

කුසට අහරක් නැති,හිසට සෙවනක් නැති කී දෙනෙකුගේ ප්‍රශ්න විසඳන්ඩ තිබුනද "මහත්මයෝ"

Miniha athe salli Thibune Echcharada danne? Kewata kamakne samajayata pradarshanaya Minihage Gathiya Penweemak neda?

නව අදහස දක්වන්න