ගොඩ ගැසී ඇති නඩු ලක්ෂ 5ක් විසඳා අවසන් කිරීමට කඩිනම් පියවර | දිනමිණ

ගොඩ ගැසී ඇති නඩු ලක්ෂ 5ක් විසඳා අවසන් කිරීමට කඩිනම් පියවර

විජයානි එදිරිසිංහ

විවිධ අපරාධ ,දූෂණ. වංචා, මත්ද්‍රව්‍ය, මුල්‍ය අපරාධ,දේපල , වත්කම්, පවුල් ආරාවුල්, ඉඩකඩම්, ඇතුලු විවිධ ආකාරයේ අපරාධ සහ සිවිල් සිද්ධින් වලට අදාළ නඩු ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් රටතුළ ඇති අධිකරණවල ගොඩ ගැසී ඇති බැවින් ඒව් විසඳා අවසන් කිරීමට අධිකරණ අමාත්‍යාංශය කඩිනම් පියවරක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇත.

අධිකරණයේ ස්වාධිනත්වයට ගරු කරමින් එම නඩු කඩිනමින් විසඳා අවසන් කිරීමට පියවර ගැනිම තුළින් මහජනතාවට විශාල සහනයක් ලැබෙන බව අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ධ නිලධාරියෙක් පැවසීය.

පසු ගිය කාලයේදි අධිකරණවලට විසඳා අවසන් කළ නොහැකි තරම් විවිධ ගණයේ නඩු අධිකරණ හමුවට එක්විම නිසා මේ ආකාරයෙන් අධිකරණ පද්ධතිය තුළ නඩු ගො‍‍ඩ ගැසි තිබේ.

මහේස්ත්‍රාත්, මහාධිකරණ, දිසා අධිකරණ, ශේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණය ඇතුළ සමස්ත අධිකරණ පද්ධතිය තුළම ගොඩ ගැසි ඇති එම නඩු කඩිනමින් විසඳ අවසන් කිරිමට මේ වන විටත් සාකච්ජා කර ඇති බවත් එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය තදින්ම ඇති බැවින් එය අද හෙටම ක්‍රියාත්මක කරන බව අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

විවිධ භයානක අපරාධවලට වැරදි කරුවන් වි ඇති පුද්ගලයන් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද පැමිණිලි විශාල සංඛයාවක්ද වෙයි එම අභියාචනා විභාගවි අවසන් වන තෙක් වසර පහලොවකට ආසන්න කාලයක් බන්ධනාගාර ගත වි සිටින අයද වෙති. එම නඩු කඩිනමින් විසඳා අවසන් විම තුළින් ඔවුන්ට විශාල සහනයක් ඇති වන බවද පවසයි.

මිට අමතරව ඇප මුදල් ගෙවා ගැනිමට, නොහැකිව සහ ඇප නියම වන තෙක් රිමාන්ඩ් බාරයට පත්වි තවත් විශාල පිරිසක්ද සිටිති. 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න