­කුළු බඩු අප­න­ය­න­යෙන් වැඩි විදෙස් විනි­ම­යක් | දිනමිණ

­කුළු බඩු අප­න­ය­න­යෙන් වැඩි විදෙස් විනි­ම­යක්

උඩරට ගෙවත්තෙහි වැවෙන ගම්මිරිස් ,කරාඹු , සාදික්කා , හෙනසල්, මෙන්ම පහතරට බහුල වශයෙන් වැවෙන කුරුඳු , සාම්ප්‍රදායිකව වගා කෙරෙනුයේ කාබනික වගාවන් ලෙසය. විදෙස් වෙළෙඳ පොළ වෙත ප්‍රවේශ වීමේදී මෙම තත්වය වෙළෙඳ පොළ ආකර්ෂනයට හේතුවක් බව හඳුනාගත් අපනයන කෘෂි කර්ම දෙපාර්ත මේන්තුව , කුළු බඩු නිෂ්පාදනය සඳහා ගොවියා දිරිගැන්වීම සඳහා පාරිසරික හරිත ගම්මාන යනුවෙන් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ පාරිසර්ක කෘෂිකර්ම දෙපාර්ත මේන්තුවේ සන්නිවේදන අංශය මේපිළිබඳව දිනම්ණට පැවසුවේ Òමෙම වැඩසටහන සමඟ ගොවීන් 1000 ක පමණ පිරිසක් සම්බන්ඳවී සිටින බවයි.

මෙම වැඩ සටහන් ඇසුරින් පසු ගිය වස‍රේදී සුළු අපනයන භෝග අලවියෙන් ලත් ආදායම මිලියන 400 ක් බවත් එම ආදායම වසර තුනක් ඇතුලත මිලියන 1000ක් බවට පත් කිරීම එම ආයතනයේ ඉලක්කය බවත්ය.

සුළු අපනයන ගම්මාන ඇති කිරීමේ වැඩසටහන දැනටමත් කඩිනම්න් ක්‍රියාත්මක වන බව පවසන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ සඳහා පහසුකම් සපයමින් ගොවීන් දිරිගන්වන බව පවසයි. ඒ අනුව සහතික කළ බිජ  ,පැළ ආදී රෝපන ද්‍රව්‍ය මෙන්ම වාර්ෂිකව කාබනික පොහොර නිෂ්පාදනය සඳහා එක් ගොවියෙකුට රුපියල් 3000ක මුදලක් මෙන්ම , වගා කිරීම සඳහා උපදෙස් හා විද්‍යාත්මක දැනුම විදිමත්ව ලබා‍දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වෙන බවද සඳහන් කරයි.පොල් , තේ ආදී ප්‍රධාන භෝග සමඟ , ගම්මිරිස්, කරාඹු ආදී‍ බෝග ආදිය වගා කරමින් භූමියෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා වැවිලි කරුවන් දිරිගැන්වීමේ වැඩසටහන් ‍සාර්ථකවී ඇති අතරම වැවිලි කරුවන්ගේ ආදාවම් වැඩිවීමටද හේතුවී තිබේ.


නව අදහස දක්වන්න