මහ­ජන බැංකුවේ නත්තල් බැති ගී මෙහෙය | දිනමිණ

මහ­ජන බැංකුවේ නත්තල් බැති ගී මෙහෙය

මහජන බැංකුව කිතුනු එකතුව 39 වැනි වරටත් සංවිධානය කරන ලද නත්තල් බැති ගී මෙහෙය පසුගිය දා කොළඹ 02, මහජන බැංකුවේ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත්ව පැවැත්විණි.

මහජන බැංකුවේ කොළඹ, ගම්පහ හා පුත්තලම, කළුතර සහ වන්නි ප්‍රදේශයන්හි කාර්ය මණ්ඩලයන් මෙහි දී බැති ගී ගායනා ඉදිරිපත් කළහ.

කොළඹ කතෝලික මුද්‍රණාලයේ අධ්‍යක්ෂ, ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ බැති ගී මෙහෙයට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා ඇතුළු මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරීත්වය සහ බැංකු කාර්ය මණ්ඩලය සමඟ සිය පවුල්වල සාමාජික සාමාජිකාවන් හා විශ්‍රාමික සේවක පිරිස් ද සහභාගි වූහ.

නව අදහස දක්වන්න