හයි ලයිෆ් පළමු සංව­ත්ස­රය නිමි­ත්තෙන් වර­ප්‍ර­සාද කාඩ්ප­තක් | දිනමිණ

හයි ලයිෆ් පළමු සංව­ත්ස­රය නිමි­ත්තෙන් වර­ප්‍ර­සාද කාඩ්ප­තක්

මාලඹේ සහ කොස්වත්ත නගරවලට අතරමැදිව පිහිටි හයි ලයිෆ් (Hi Life) විලාසිතා මන්දිරය 2017 දෙසැම්බර් මස 22 වැනි දා තම පළමු සංවත්සරය සැමරූ අතර, ඒ නිමිත්තෙන් හොනර් (Honour) වරප්‍රසාද කාඞ් එකක් පාරිභෝගිකයන්ට හඳුන්වා දුන් අතර මේ වන විටත් කාඩ් භාවිත කරන පිරිස 2000 ඉක්මවා ඇත. නිතර සිනහා මුහුණින් සිටින කාරුණික පාරිභෝගික සත්කාර සේවාවක් සමඟින් කාන්තා, ළමා, පිරිමි හා වැඩිහිටි පවුලේ සැමටම ඇඳුම් පැළඳුම්, ආභරණ, සුවඳවිලවුන්, සෙල්ලම් බඩු මෙන්ම නිවසට අවශ්‍ය අනෙකුත් දෑ එකම තැනකින් පහසුවෙන් වෙළෙඳ පොළේ අඩුම මිලට ගැනීමට හයි ලයිෆ්හිදී හැකියාව ලැබේ. වාහන නැවැත්වීමේ පහසුකම්, වැඩිහිටියන් සමඟ පැමිණෙන කුඩා දරුවන්ට සෙල්ලම් කිරීමට ළමා උද්‍යානයක් සහ ආහාර පාන ගැනීමට වෙනම කලාපයක්ද හයි ලයිෆ් සතු බැවින් පාරිභෝගිකයන්ට සුවපහසු සාප්පු සවාරි අත්දැකීමක් ලැබිය හැකිය.

සති අන්ත දිනවලදී බැංකු ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් සඳහා විශේෂ වට්ටම් රැසක්ද හයි ලයිෆ් පළමු සංවත්සරය හා උත්සව සමය වෙනුවෙන් පිරිනැමේ. රු. 500 සිට ඉහළට තෑගි වවුචර් මිලට ගැනීමට හැකි බව හයි ලයිෆ් කළමණාකාරීත්වය සඳහන් කරයි. දිනෙන් දින සිය පාරිභෝගිකයන් සංඛ්‍යාව වර්ධනය කර ගනිමින්, උසස් තත්ත්වයේ නිමි ඇඳුම් සහ ජාත්‍යන්තර සන්නාමයන්ගෙන් යුතු නිෂ්පාදන අඩු මිලට සපයමින්, පාරිභෝගිකයන්ට තම රුචිකත්වය පරිදි මාදිලි රැසකින් නිෂ්පාදන තෝරා ගැනීමට සහ එකම තැනකින් සම්පූර්ණ සාප්පු සවාරියක් කර ගැනීමට අවස්ථාව සලසමින් හයි ලයිෆ් හොඳම තැනක් බව වසරක් ගතවන විට ඔප්පු කර හමාර බව පළමු සංවත්සර සැමරුම පිළිබඳ අදහස් දක්වමින් හයි ලයිෆ් කළමනාකාරීත්වය කියා සිටියේය.


නව අදහස දක්වන්න

Or log in with...