Beauty Gems ආය­ත­නය FCCISL ලෝකඩ සම්මාන දිනයි | දිනමිණ

Beauty Gems ආය­ත­නය FCCISL ලෝකඩ සම්මාන දිනයි

ශ්‍රී ලාංකීය මැණික් ව්‍යාපාරයේ පුරෝගාමී ආයතනයක් වන Beauty Gems ආයතනය ශ්‍රී ලංකා වානිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) වාර්ෂිකව සංවිධානය කරනු ලබන වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා තේරීමේ 2017 සම්මාන උලෙළේ දී විශාල පරිමාණ අංශයේ බස්නාහිර පළාතේ ලෝකඩ සම්මානය දිනා ගැනීමට සමත් විය.

වසර 100ක පමණ කාලයක සිට මැණික් පිළිබඳ අත්දැකීම්වලින් සපිරි පරම්පරාවකින් පැවැත එන Beauty Gems ආයතනය Cat’s Eyes, Alexandrite Cat’s Eyes, Star Sapphires, Rubies, Pink Sapphires, Alexandrite,

Padmaradscha, Tsavorite සහ Spinel ආදී මැණික් වර්ග අලෙවි කරයි. ඔවුන්ට ISO 9001:2008 තත්ත්ව සහතිකයද හිමි වී ඇත.

ලොව පුරා පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශනවලට සහභාගි වෙමින් ශ්‍රී ලාංකේය අභිමානය ජාත්‍යන්තරයට ගෙන ගිය ආයතනයක් වන Beauty Gems ආයතනය (www.ceylonbeautygems.com) චීනයට ප්‍රථම වතාවට මැණික් අපනයනය කළ ශ්‍රී ලාංකේය ආයතනය වන අතර, අද වන විට චීනයට වැඩියෙන්ම මැණික් අපනයනය කරන ශ්‍රී ලාංකේය ආයතනය බවට ද එය පත්වී ඇත. Beauty Gems ආයතනය සමාජ සේවා කටයුතු රැසකටද සිය දායකත්වය සපයයි. ‘අපගේ සාර්ථකත්වයේ රහස වන්නේ තත්ත්ව කළමනාකරණය, උපරිම පාරිභෝගික තෘප්තිය සහ එක්ව කණ්ඩායමක් ලෙස වැඩ කිරීමයි.’ Beauty Gems ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අහ්සර් සවාහිර් මහතා පැවැසීය. සෑම මැණිකක් සඳහාම වගකීමේ සහතිකයක් නිකුත් කර වඩාත් විශ්වාසනීයව මැණික් අලෙවියේ යෙදෙන Beauty Gems ආයතනය අලෙවි කරන මැණික් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනූකුල බවට සහතික කර ඇත. අංක 13, නව්ෆර් ජබීර් මාවත, චීන කොටුව, බේරුවල යන ස්ථානයේ Beauty Gems ආයතනය පිහිටා ඇත. Beauty Gems ප්‍රදර්ශනාගාරය අංක 9A ශාන්ත ඇල්බන්ස් පෙදෙස, කොළඹ 04 ලිපිනයේ පිහිටා ඇත.


නව අදහස දක්වන්න

Or log in with...