අමානා තකා­ෆුල් රක්ෂණ සමා­ගමේ මාතලේ ශාඛාව දැන් අලුත් තැනක | දිනමිණ

අමානා තකා­ෆුල් රක්ෂණ සමා­ගමේ මාතලේ ශාඛාව දැන් අලුත් තැනක

පසු ගිය වසර 18ක ශ්‍රී ලාංකීය තකාෆුල් ක්‍රමවේදයේ ප්‍රමුඛයා සහ ප්‍රබලයා ලෙස කටයුතු කරනු ලබන අමානා තකාෆුල් රක්ෂණ සමාගම දිවයින පුරා විහිදී ඇති තම ශාඛා ජාලය මගින් ගුණාත්මක හා කඩිනම් සේවාවක් නව තාක්ෂණය භාවිතා කරමින් පාරිභෝගිකයන් හට නිරන්තරයෙන් ලබාදීමට කටයුතු කරනු ලබයි. එහි තවත් එක් පියවරක් ලෙස මාතලේ ශාඛාව තවදුරටත් නවීකරණය කරමින් එහි ගුණාත්මකභාවය වැඩි දියුණු කරමින් ඉතා කඩිනම් සේවාවක් පාරිභෝගිකයන් හට ලබාදීමේ අරමුණින් ශාඛාව නව ස්ථානයකට රැගෙන යන ලදී. ඒ අනුව මේ ශාඛාව පාරිභෝගිකයන්ගේ භාවිතය සදහා විවෘත කිරීම පසුගිය දා අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ෆසාල් ගෆූර් මහතා සහ ජීවිත රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ගෙහාන් රාජපක්ෂ මහතා අතින් සිදුවිය.

ඒ අනුව මේ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ සේවාවන් මේ ශාඛාව ඔස්සේ ලබා ගැනීමේ හැකියාව උදාවේ. මෙහිදී අදහස් දැක් වූ අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ෆසාල් ගෆූර් මහතා ප්‍රකාශ කර සිටියේ “ඇත්තටම අද අපිට සන්තෝෂ විය හැකි දිනයක්. හේතුව මාතලේ කියන්නේ සියලුම ජනවර්ගයන්ට අයිති මිනිසුන් එකට එක්ව ජීවත්වන තැනක් අමානා තකාෆුල් රක්ෂණ සමාගමත් කියන්නේ සැමට විවෘත ආයතනයක් ඔබ කිනම් පුද්ගලයෙක් වූවත් කිනම් ආදායමක් ලැබුවත් ඔබේ අවශ්‍යතාවයට/ වුවමනාවට හා දැරිය හැකි පරිදි මූල්‍ය විසඳුම් ලබාදීම තමයි අපේ බලාපොරොත්තුව. ඉතිං අපි මාතලේ ඉන්න සෑම කෙනෙක්ටම ආරාධනා කරනවා එන්න අපේ ආයතනයට අපි සූදානම ඔබ වෙනුවෙන් විශ්වාසනීය හා උසස් සේවාවක් ලබාදීමටයි.” අනතුරුව අදහස් දැක් වූ ජීවිත රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ගෙහාන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ “මම හිතනවා අපේ අලෙවි බළකායේ සාමාජිකයන් හට හොඳ අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ. දැන් ඉතිං ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශයේ පාරිභෝගික ජනතාවට හොඳ ඒ වගේම කඩිනම් සේවාවක් ලබාදීමට. මේ දේ නියම ආකාරයෙන් ප්‍රයෝජනයට ගෙන හොඳ සේවාවක් අපි ලබා දෙන්න ඇප කැප වෙමු කියලා මම කියන්න කැමතියි.”


නව අදහස දක්වන්න

Or log in with...