කුඩා දරුවන්ට ආශිර්වාද ගෙන දෙන ගන්දොළහ දේවාලය | දිනමිණ

කුඩා දරුවන්ට ආශිර්වාද ගෙන දෙන ගන්දොළහ දේවාලය

ගෝඨාභය රජ දවසේ පැවත එන දේවාලේගම ගන්දොළහ දේවාලය කුඩා දරුවන්ට ආශිර්වාදයක් ගෙන දෙන ස්ථානයක් බවට මහත් ප්‍රසිද්ධියක් උසුලයි. මෙම දේවාලය පිහිටා ඇත්තේ කෑගල්ලේ සිට පොල්ගහවෙල මාර්ගයේ කිලෝ මීටර් 6 ක් පමණ ගිය විට දේවාලය නගරය හමු වේ. එම නගරයෙන් වමට හැරී නවගමුව මාර්ගයේ ටික දුරක් ගමන් කරන විට මෙම දේවාලය හමු වේ. මේ පිළිබඳ අදහස් දැක් වූ දේවාලයේ කපු මහතා වන එන්.ආර්.දසනායක මහතා මෙසේ පැවසීය.

මෙම ස්ථානයේ විශාල ගල් පර්වතයක් ඇත. එහි බ්‍රාහ්මණයෙක් සිල් සමාදන් වී ඇති බව කියයි. මෙහි සිටි බ්‍රාහ්මණයෙක් මාඔයේ කුඹුක් ගහක් ළඟ තිබූ රත්තරන් ඊතලයක් ගෙනවිත් තැම්පත් කර ඇති බව කියයි. පසුව එම බමුණා මෙහි දේවාලයක් ඉදිකර ජනතාවට ශාන්තිකර්ම කිරීමට පටන් ගෙන ඇති බවත් එය දැන් පරම්පරාගතව එන දේවාලයක් බව ද පවත්වා ගෙන යන බව ද කියයි.

මේ දේවාලයට මසකට වරක් පමණ විශාල නාගයෙක් පැමිණ දේවාලය වටා යමින් නොපෙනී යන බව කපු මහතා කියයි.

දේවාලයට භාරහාර කර ගැනීමට කෙම්බර දිනයන් හිදී විශාල පිරිසක් පැමිණෙන අතර කුඩා දරුවන්ට සෙත්ශාන්ති කර ගැනීමට විශාල පිරිසක් පැමිණෙන බව ද කීය.

කෑගල්ල සමූහ
පී. එම්. පී. පොල්වත්ත 

නව අදහස දක්වන්න