මැණික් ව්‍යාපාරිකයාගේ උපන් දිනය දා දිළිඳු දරුවන් 2000කට පාසල් පොත් | දිනමිණ

මැණික් ව්‍යාපාරිකයාගේ උපන් දිනය දා දිළිඳු දරුවන් 2000කට පාසල් පොත්

රත්නපුර යනු ලොකයේ වටිනා මැණික්වලට ප්‍රසිද්ධ මැණික් සම්පතින් පිරුණු ධනවත් මැණික් ව්‍යාපාරිකයන් සිටින නගරයකි.

ධනවතුන් ගෙන් පිරුණ නගරයක් වුවත් එදා වේල සොයාගෙන තම පවුල නඩත්තු කරන අය ද නැතිව නොවේ.

දිළිඳු තත්ත්වයේ සිට විශාල ධනකුවේරයන් බවට පත් අය තමන් උපයන ධනයෙන් දුප්පත් අය වෙනුවෙන් සුළු මුදලක් හෝ වැය කරන්තේ අතලොස්සකි.

අප මේ කියන්නේ සෑම වසරකම තමුන් උපයන මුදලින් රටේ අනාගතය බාර ගැනීමට සිටින පාසැල්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පස්වන වරටත් තම උපන්දිනය වෙනුවෙන් පාසල් අභ්‍යාස පොත් ප්‍රදානය කළ මැණික් ව්‍යාපාරියකු පිළිබඳව පුවතකි.

‍ඒ රත්නපුර මලංගම පදිංචි සමරේ ජෙම්ස් අධිපති සමර සේකර මහතාය. ඔහු රත්නපුරේ සිටින කාගේත් යහපත වෙනුවෙන් සෑම වර්ෂයකදීම සිංහල අලුත් අවුරුද්දට දිළිඳු අයට මුදල් පරීත්‍යාග කිරීම සහ දිළිඳු දරුවන්ට තම අධ්‍යාපන කටයුතු කිරිම සඳහා අභ්‍යාස පොත් ප්‍රදානය කරයි. හේ තමන් උපයන ධනයෙන් රත්නපුර අවට ප්‍රදේශවල දරු දැරියන් සඳහා පාසල් අභ්‍යාස පොත් ප්‍රදානය කිරීමේ ප්‍රජා සත්කාරක වැඩ සටහනක් 2013දී ආරම්භ කළේය. තමා ආරම්භ කළ එම වැඩ සටහන් මාලාවේ පස්වන වැඩසටහන තමන්ගේ 50 වෙනි උපන්දිනය වු 2017, 30දා මෙවරත් සංවිධාන තිබිණි. පළමු පන්තියේ සිට 11වන පන්තිය දක්වා අභ්‍යාස පොත් (ලක්ෂ 20ක් පමණ වටිනා) කට්ටල් ප්‍රදානය කරනු ලැබු අතර තමන් ලබා දෙන පොත් ලබා ගැනීම සඳහා පැමිණෙන දරුවන් සඳහා ගමන් ගාස්තුව ද මැණික් ව්‍යපාරික සමරසේකර මහතා අමතක නොකළේය.

එන්. පී. රාජදොරේ
රත්නපුර විශේෂ 

නව අදහස දක්වන්න