ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් ජනපති හමුවෙයි | දිනමිණ

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් අචාර්ය ෂහීඩ් අහ්මඩ් හෂ්මත් මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පසුගිය දා (4) ජනපති ලේකම් කාර්යාලයේ දී හමුවිය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි මෙරටේ පැවැති පොහොර හිඟය පාලනය කිරීමට අවශ්‍ය පොහොර සැපයීම සඳහා පියවර ගත් පාකිස්තාන රජය සහ එහි අගමැති ෂහිඩ් ඛාකාන් අබ්බැසි මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කෘතඥතාවය පළ කළේය. පාකිස්තාන රජය විසින් එහි මහ කොමසාරිස් කාර්යාලය හරහා ශ්‍රී ලංකාවේ ඩොලර් මිලියන 200ක ණය ආධාර යටතේ ආරම්භ කර ඇති විවිධාකාර සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයාව මෙහි දී දැනුවත් කළේය. තව දුරටත්, පොළොන්නරුවේ කිරි ගොවිපොළ පිහිටුවීම සම්බන්ධයෙන් ශක්‍යතා වාර්තාවක් සකසා ගැනීමට ඉහළ මට්ටමේ විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවද මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයාට මෙහි දී දැනුම් දුන්නේය. 

නව අදහස දක්වන්න