Metropolis Healthcare මෙරට අති සාර්ථක 12 වන වසර සපුරයි | දිනමිණ

Metropolis Healthcare මෙරට අති සාර්ථක 12 වන වසර සපුරයි

රෝග නිශ්චය කිරීමේ රසායනාගාර සේවා සහ මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ ජාත්‍යන්තර ප්‍රමුඛ සමාගම් ජාලයක් වන Metropolis Healthcare පුද්ගලික සමාගම මෙරට සිය මෙහෙයුම් වල 12 වන වසර සපුරයි. මෙම අවස්ථාව සමරමින් මෙරට රසායනාගාර සේවා සහ එකතු කිරීමේ මධ්‍යස්ථාන ජාලය තව දුරටත් පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් ආයෝජනය කිරීමට මෙම සමාගම අපේක්ෂා කරයි. දැනට නාවල ප්‍රදේශයේ පවත්වාගෙන යන මධ්‍යම රසායනාගාරය සහ සැටලයිට් රසායනාගාර 6ට අමතරව මෙම නව රසායනාගාර සහ එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතව තිබේ.

ගතවූ වසර 12 තුල පරීක්ෂණ මිලියන 20 ඉක්මවා සිදු කරමින් මෙරට රෝගීන් මිලියන 6කට පමණ සේවා සැපයීමට Metropolis Healthcare සමත් ව ඇති අතර දිවයින පුරා වෛද්‍යවරුන් 1000 කට අධික පිරිසක් එම එම පරීක්ෂණ වාර්තා පිළිගනිමින් මෙම සාර්ථකත්වය සඳහා දායකත්වය දක්වා ඇත.

Metropolis Healthcare සමාගමේ ප්‍රවර්ධක සහ කළමනාකාර අධ්‍යක්ෂිකා අමීරා ෂා මහත්මිය සඳහන් කළේ සාර්ථක වසර 12ක සේවාවකින් පසු මෙම සේවාව දිවයින පුරා දියත් කිරීමට අපේක්ෂා කරන බවයි. ඉදිරි වසර දෙක තුළ මෙම සේවාව දිවයින පුරා ව්‍යාප්ත කිරීමට හා තාක්ෂණික අතින් ගුණාත්මක බව වර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කර ඇති බව ද ඇය සඳහන් කළාය.

වසර 12ක සිය සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් Metropolis Healthcare හි ජ්‍යෙෂ්ඨ උප සභාපති - ජාත්‍යන්තර ව්‍යාපාර අවාධත් ජෝෂි මහතා පෙන්වා දුන්නේ ගතවූ දශකය තුළදී තත්වයෙන් උසස් සේවාවක් සැපයීමෙන් මෙරට වෛද්‍යවරුන්ගේ සහ රෝගීන්ගේ විශ්වාසය දිනාගැනීමට තම සමාගමට හැකිවූ බවයි. උසස් තත්වයේ මෙහෙයුම් ක්‍රියාවලියකින් සමන්විත ස්වයංක්‍රිය උපකරණ මෙරට භාවිත කිරීමට තම සමාගම සමත් වූ බවත් ඒ ඔස්සේ ඉතා ඉක්මනින් වෛද්‍ය පරීක්ෂණ කටයුතු මෙහෙයවීමට තම සමාගමට හැකිවූ බවත් අවාධත් ජෝෂි මහතා පෙන්වා දුන්නේය. මෙරට රසායනාගාර තාක්ෂණය ඉදිරියේදී තවදුරටත් දියුණු කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...